• +94 (35) 2222 520
  • kegalleedz@gmail.com
  • සිංහල

    සිංහල

    • සිංහල
    • English
    • தமிழ்
  • EEA Login
  • Office Login
    නිවස්න පිටුව
  • අපගේ අංශයන්
    • ගුරු ආයතන අංශය
    • වැටුප් හා ගිණුම් අංශය
    • විශ්‍රාම අංශය
    • සංවර්ධන අංශය
    • පරිපාලන අංශය
    • සැලසුම්, සංඛ්‍යාලේඛන හා ඉදිකිරීම් අංශය
    • සාමාන්‍ය පාලන අංශය
  • වැඩසටහන්
    • වැඩසටහන් විස්තර
    • පින්තූර එකතුව
  • තොරතුරු
    • අප ගැන..
    • පාසල් වල පොදු තොරතුරු
    • පසුගිය විභාග ප්‍රතිඵල තොරතුරු
    • පොදු ගැටළු හා පිළිතුරු
    • චක්‍රලේඛ
  • කොට්ඨාස කාර්යාල
    • කෑගල්ල කොට්ඨාස කාර්යාලය
    • ගලිගමුව කොට්ඨාස කාර්යාලය
    • වරකාපොල කොට්ඨාස කාර්යාලය
    • දැදිගම කොට්ඨාස කාර්යාලය
  • සම්බන්ධතා

වැටුප් හා ගිණුම් අංශය

ආයතනයේ මුළ්‍ය කටයුතු පරිපාලනය පිළිබඳ සියලු කටයුතු මෙම අංශය මඟින් ඉටු කරනු ලබයි.
  • නිවස්න පිටුව
  • වැටුප් හා ගිණුම් අංශය

වැටුප් හා ගිණුම් අංශය වෙත සාදරයෙන් පිළිගනිමු....

සටහන

කෑගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ඉටු වන සියලුම ආකාරයේ සේවාවන් විධිමත්ව සිදු කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය කලමනාකරණය මෙම අංශය මඟින් ඉටු කරනු ලබයි. විශේෂයෙන්ම අධ්‍යාපන සංවර්ධන සැලසුම් නිසි පරිදි ක්‍රියාවට නැංවීම උදෙසා මෙම අංශයේ කාර්යභාරය ඉතා වැදගත් වේ.
කෑගල්ල අධ්‍යාපන කලාපයට අයත් සියලුම කාර්යමණ්ඩල වැටුප් ගෙවීම් හා විවිධ මූල්‍ය සේවා සැපයීමද මෙම අංශයේ ප්‍රධාක කාර්යය වන අතර ආයතනික වශයෙන් සිදුකරන භාණ්ඩ හා සේවා මල දී ගැනීම් හා විවිධ කාර්යයන් සඳහා ප්‍රතිපාදන සැපයීම ඇතුළු කාර්යයන් රාශියක් මෙම අංශයේ වගකීමට යටත් වේ. ගණකාධිකාරීතුමාගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ පාලනය වන මෙම අංශය මූල්‍ය කටයුතු සම්බන්ධ වාර්ථාකරණය හා මුළ්‍ය සේවා සැපයීම සිදු කරයි.

සපයනු ලබන සේවාවන්

කලාප අධ්‍යාපන කාර්යාලය හා සම්භන්ධ ආයතන සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම

01. භාණ්ඩ හෝ සේවා ඉල්ලීමේ නිවැරදිතාව තහවුරු කිරීම.
02. අදාළ සේවාවට හෝ භාණ්ඩය සම්බන්ධව මිල කැඳවීම කර ඇත්නම් අදාළ පරිදි සපයා ගැනීම.
03. භාණ්ඩයක් නම් ගබඩාව හරහා අවශ්‍ය පාර්ශවය වෙත භාණ්ඩය ලබා දීම.


ගෙවූ වැටුප් / වැන්දඹු අනත්දරු අයකිරීම් හා විශ්‍රාමික නිළධාරීන් සඳහා වැන්දඹු අනත්දරු දීමනා අයකල බවට වාර්ථා නිකුත් කිරීම

01. සේවාලාභියාගේ ඉල්ලීම් ලිපිය පරීක්ෂාකර, සේවය කළ පාසල් නාම ලේඛනය තහවුරු කර ගැනීම.
02. සේවය කළ වර්ශ වලට අදාළ වැටුප් ලේඛන, ලේඛන භාරකාරු හරහා එක් රැස් කර ගැනීම.
03. ගෙවූ වැටුප් වාර්ථාව / වැන්දඹු අනත්දරු අයකිරීම් වාර්ථාව / වැන්දඹු අනත්දරු අයකල බවට වාර්ථාව සකස් කිරීම හා නැවත පරීක්ෂා කිරීම.
04. සහතික කිරීම සඳහා ගණකාධිකාරී වෙත යොමු කිරීම.


පාසල් සඳහා නව බැංකු ගිණුම් ආරම්භ කිරීම හා පවත්නා ගිණුමක චෙක්පත් අත්සන් වෙනස් කිරීම සඳහා බැංකු අත්සන් කාඩ්පත් සහතික කිරීම

01. නව බැංකු ගිණුමක් ආරම්භ කිරීමක් නම්, එය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති චක්‍රලේඛ හා උපදෙස් සංග්‍රහ වලට සැසදේදැයි පරීක්ෂා කර බැලීම හා අත්සන් කාඩ්පත් වල නිවැරදිතාව පරීක්ෂා කිරීම.
02. කාර්යාලය මඟින් නිකුත් කරන ඉල්ලීම් ලිපිය සම්පූර්ණ කරවා ගැනීම.
03. බැංකුව වෙත යැවෙන ලිපිය සම්පූර්ණ කිරීම හා ගණකාධිකාරී විසින් සහතික කරවා ගැනීම.
04. පාසල් සංවර්ධන සමිති ගිණුමක් නම් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මඟින් අනුමත කර ගැනීම.
05.නව ගිණුමක් ආරම්භ කිරීම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත යොමු කිරීම.


වැටුප් හා චේතන ඇතුළු සියලුම භාණ්ඩ හා සේවාවන් සැපයීම වෙනුවෙන් ගෙවීම් කිරීම

01. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් අනුමත කරන ලද පොදු 35/ පොදු 35අ/ පොදු 177/ රික්විෂන් පත්‍රය හා ලබා දී ඇති ඇමණුම් සැසදේදැයි පරීක්ෂා කිරීම.
02. වියදම සහතික කිරීමට ගණකාධිකාරී වෙත ඉදිරිපත් කිරීම.
03. වැය ලේඛනගත කිරීම හා සහතික කිරීම මුදල් පොතට ඇතුළු කිරීම.
04. චෙක්පත් ලිවීම හෝ ස්ලිප් මඟින් අදාළ ගෙවීම් හිමියාගේ ගිණුමට ප්‍රේෂණය කිරීම.
05.චෙක්පතක් නම් අදාල හිමිකරු වෙත ලබා දීම.


ශිෂ්‍යාධාර ගෙවීම්

01. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් අනුමත කරන ලද ශිෂ්‍යාධාර ගෙවීම් වැයපත් වල නිවරද්‍යතාව පරීක්ෂා කිරීම.
02. නිවැරදි වැයපත් ශිෂ්‍යාධාර ලේඛනයට ඇතුළු කිරීම හා වියදම් සහතික කිරීමට ඉදිරිපත් කිරීම.
03. වැය ලේඛනගත කිරීම හා සහතික කිරීම මුදල් පොතට ඇතුළු කිරීම.
04. ස්ලිප් මඟින් අදාළ ගෙවීම්, ශිෂ්‍යාධාරලාභීන්ගේ ගිණුමට ප්‍රේෂණය කිරීම.


කලාපයට අයත් සියලුම අධ්‍යන හා අනධ්‍යයන කාර්යමණ්ඩලය සඳහා ණය අත්තිකිරම් ලබා දීම.

01. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් අනුමත කරන ලද ණය ගොනුව පරීක්ෂා කිරීම.
02. ණය ගොනුව සී.සී.10 ලේඛනයට සටහන් කිරීම.
03. වියදම් සහතික කිරීමට ඉදිරිපත් කිරීම.
04. පුද්ගලික ලිපිගොණුවේ ණය කාඩ්පතට සටහන් කිරීම.
05. අත්තිකාරම් බී වැය ලේඛනයට සටහන් කිරීම.
06. මුදල් පොතට සටහන් කිරීම හා චෙක්පතක් නිතුත් කිරීම.


කලාපයට අයත් සියලුම අධ්‍යන හා අනධ්‍යයන කාර්යමණ්ඩලය සඳහා දේපල ණය වැටුප් අවකරණ රජයේ පොලී සමඟ බැංකු වෙත ප්‍රේෂණය කිරීම.

01. එක් එක් දේපල ණය හිමියාගේ ණය වාරිකය හා පොලිය සකස් කර වැටුප් ලිපිකරුට ලබාදීම.
02. මාසය අවසා‍නයේ වැටුප් අවකරණ සමඟ සැසදීම් කර ස්ලිප් මඟින් ගෙවීම් කිරීම.


කලාපයට අයත් සියලුම පාසල්වල භාණ්ඩ සමීක්ෂණ කටයුතු.

01. අදාල පාසල විසින් ඉදිරිපත් කරනු ලබන භා.ග. 66 හා පොදු 47 ආකෘතිපත් නිවැරදි දැයි පරීක්ෂා කර බැලීම.
02. භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක් පත් කිරීම.
03. පත්කල භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලය භාණ්ඩ සමීක්ෂණය සිදුකර වාර්ථාවක් ඉදිරිපත් කිරීම.


කලාපයට අයත් සියලුම පාසල් උප කාර්යාල වෙත අවශ්‍යතාව මත මුද්‍රිත ආකෘතිපත් හා වරින් වර ලැබෙන පාසල් උපකරණ හා පොත් පත් ලබාදීම.

01. ලිපි ලේඛන අවශ්‍ය කරන පාර්ශවය (පාසලක නම් විදුහල්පති) විසින් ඉදිරිපත් කරන ඉල්ලීම් ලිපිය පරීක්ෂාකර බලා නිකුත් කිරීමේ නියෝගය ලබා ගැනීම.
02. ගබඩාව වෙත යොමුකර අවශ්‍ය ලිපි ලේඛන ලබා දීම.
03. වරින් වර ලැබෙන පාසල් උපකරණ හා පොත් පත් පිළිබඳව පාසල් දැනුවත් කර ඉල්ලීම් කැඳවා ගැනීම. (උදා:- මිනි ලැබ් ව්‍යාපෘතිය වැනි ගබඩාව හරහා අදාල පාර්ශව වෙත නිකුත් කිරීම)


කලාපයට අයත් සියලුම ගුරු මහත්ම මහත්මීන්ගේ හා අනෙකුත් නිළධාරීන්ගේ වැටුප් සකස් කිරීම.

01. වැටුප් වර්ධක හා හිඟ වැටුප් සකස් කිරීම.
02. ලෙජර් පිටපත් කිරීම.
03. අවකරණ පිටපත් කිරීම.
04.දත්ත පරිගණක ගත කිරීම.
05.වැටුප් ලේඛන ලබා ගැනීම.
06. තුලනය කර පරීක්ෂා කිරීමට ඉදිරිපත් කිරීම.


වැටුප් විස්තර නිකුත් කිරීම.

01. පරිගණකයෙන් පිටපත් කර ලබා දීම.
02. ලෙජරයෙන් පිටපත් කර ලබා දීම.


හිඟ වැටුප් සැකසීම.

01. ගෙවූ වැටුප් විස්තර ලෙජරයෙන් පිටපත් කිරීම.
02. පිට පළාතකින් පැමිණ ඇත්නම් ගෙවූ වැටුප් විස්තර ගෙන්වා ගැනීම.


අවසන් වැටුප් විස්තර නිකුත් කිරීම.

01. අවශ්‍ය විස්තර ලෙජරයෙන් ලබාගෙන සටහන් කිරීම.
02. පරීක්ෂා කර අනුමැතියට ඉදිරිපත් කිරීම.


නොයිල්ලුම් සහතික නිකුත් කිරීම, විදුහල්පතිවරයකු විශ්‍රාම යාමේ දී නොයිල්ලුම් සහතික නිකුත් කිරීම.

01. විශ්‍රාම ගැන්වීමේ ලිපිය ලබා ගැනීම.
02. බඩු බාර දීමේ ලිපිය ලබා ගැනීම.
03. අවශ්‍ය තොරතුරු ලෙජරයෙන් ලබාගෙන සටහන් කිරීම.
04. පරීක්ෂාකර අනුමැතියට ඉදිරිපත් කිරීම.


පොදු තොරතුරු

  • සාමාන්‍ය සේවාවන් ලබාගත හැකි දින : සෑම සතියකම සඳුදා හා බදාදා දින
  • හදිසි සේවාවන් ලබාගත හැකි දින : සතියේ වැඩකරන ඕනෑම දිනක
  • වේලාව : පෙ.ව. 8.30 සිට ප.ව.4.15 දක්වා
  • අංශ කේතය : කෑ/අධ්‍යා/ගිණුම්/

අංශය භාර මාණ්ඩලික නිළධාරීන්

  • සහකාර අධ්‍යක්ෂ (මූල්‍ය)
    ඒ. ඩී. ඩී. එම්. ආර්. අබේරත්න මයා

අංශය සම්බන්ධ කරගන්න

  • දුරකථන අංකය
    +94 (35) 2222 202
    +94 (35) 2222 520
    සබැඳුම : 109
  • විද්‍යුත් තැපැල් ලිපිනය
    kegalleedz@gmail.com

කෑගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය, අධ්‍යාපනයේ ප්‍රතිලාභීන්ට වඩාත් ම සමීප, කාර්යක්ෂම හා ඵලදායී සේවයක් සපයන ප්‍රමුඛ ආයතනක් ලෙස මේ වන විටත් පත්ව ඇත.
තවදුරටත් ආයතන සතු වගකීම් හා වගවීම් ප්‍රශස්ථ මට්ටමින් ඉටු කිරීම පිණිස මෙම වෙබ් අඩවිය පරිශීලනයෙන් සේවාලාභී ඔබටත්, සේවාදායී අපටත් මහඟු පිටුවහලක් ලැබෙනු ඇත.

තව කියවන්න

කොට්ඨාස හා අංශ

  • ගුරු ආයතන අංශය
  • වැටුප් හා ගිණුම් අංශය
  • විශ්‍රාම අංශය
  • සංවර්ධන අංශය
  • පරිපාලන අංශය
  • සැලසුම්, සංඛ්‍යාලේඛන හා ඉදිකිරීම් අංශය
  • සාමාන්‍ය පාලන අංශය
  • කෑගල්ල කොට්ඨාස කාර්යාලය
  • ගලිගමුව කොට්ඨාස කාර්යාලය
  • වරකාපොල කොට්ඨාස කාර්යාලය
  • දැදිගම කොට්ඨාස කාර්යාලය

කෙටි සබැඳි

  • Office Login
  • EEA Login
  • වැඩසටහන් විස්තර
  • පින්තූර එකතුව
  • අප ගැන..
  • පාසල් වල පොදු තොරතුරු
  • පසුගිය විභාග ප්‍රතිඵල තොරතුරු
  • පොදු ගැටළු හා පිළිතුරු
  • චක්‍රලේඛ

සම්බන්ධතා...

  • A21, කලාප අධ්‍යාපන කාර්යාලය, කෑගල්ල.
  • +94 (35) 2222 520

  • kegalleedz@gmail.com

@ Copyright 2020 ZEO - Kegalle. All Rights Reserved
This page was last modified on 24 February 2025

  • නිවස්න පිටුව
  • අපගේ අංශයන්
    • ගුරු ආයතන අංශය
    • වැටුප් හා ගිණුම් අංශය
    • විශ්‍රාම අංශය
    • සංවර්ධන අංශය
    • පරිපාලන අංශය
    • සැලසුම්, සංඛ්‍යාලේඛන හා ඉදිකිරීම් අංශය
    • සාමාන්‍ය පාලන අංශය
    • තොරතුරු තාක්ෂණ අංශය
  • වැඩසටහන්
    • වැඩසටහන් විස්තර
    • පින්තූර එකතුව
  • තොරතුරු
    • අප ගැන..
    • පාසල් වල පොදු තොරතුරු
    • පසුගිය විභාග ප්‍රතිඵල තොරතුරු
    • පොදු ගැටළු හා පිළිතුරු
    • චක්‍රලේඛ
  • කොට්ඨාස කාර්යාල
    • කෑගල්ල කොට්ඨාස කාර්යාලය
    • ගලිගමුව කොට්ඨාස කාර්යාලය
    • වරකාපොල කොට්ඨාස කාර්යාලය
    • දැදිගම කොට්ඨාස කාර්යාලය
  • සම්බන්ධතා