• +94 (35) 2222 520
  • kegalleedz@gmail.com
  • සිංහල

    සිංහල

    • සිංහල
    • English
    • தமிழ்
  • EEA Login
  • Office Login
    නිවස්න පිටුව
  • අපගේ අංශයන්
    • ගුරු ආයතන අංශය
    • වැටුප් හා ගිණුම් අංශය
    • විශ්‍රාම අංශය
    • සංවර්ධන අංශය
    • පරිපාලන අංශය
    • සැලසුම්, සංඛ්‍යාලේඛන හා ඉදිකිරීම් අංශය
    • සාමාන්‍ය පාලන අංශය
  • වැඩසටහන්
    • වැඩසටහන් විස්තර
    • පින්තූර එකතුව
  • තොරතුරු
    • අප ගැන..
    • පාසල් වල පොදු තොරතුරු
    • පසුගිය විභාග ප්‍රතිඵල තොරතුරු
    • පොදු ගැටළු හා පිළිතුරු
    • චක්‍රලේඛ
  • කොට්ඨාස කාර්යාල
    • කෑගල්ල කොට්ඨාස කාර්යාලය
    • ගලිගමුව කොට්ඨාස කාර්යාලය
    • වරකාපොල කොට්ඨාස කාර්යාලය
    • දැදිගම කොට්ඨාස කාර්යාලය
  • සම්බන්ධතා

සැළසුම්, සංඛ්‍යාලේඛන හා ඉදිකිරීම් අංශය

කලාපයට අදාල සැලසුම් සකස්කිරීම තොරතුරු එක්රැස් කිරීම හා ඉදිකිරීම් සම්බන්ධ සියළු කටයුතු මෙම අංශය මඟින් ඉටු කරනු ලබයි.
  • නිවස්න පිටුව
  • සැළසුම්, සංඛ්‍යාලේඛන හා ඉදිකිරීම් අංශය

සැළසුම්, සංඛ්‍යාලේඛන හා ඉදිකිරීම් අංශය වෙත සාදරයෙන් පිළිගනිමු....

සටහන

කෑගල්ල අධ්‍යාපන කලාපයට අයත් පාසල් හා අනෙකුත් අධ්‍යාපන ආයතනවල මානව හා භෞතික සම්පත් පිළිබඳ සංඛ්‍යාත්මක විස්තර හා තොරතුරු පවත්වා ගනිමින් අවශ්‍ය පරිදි භාවිතා කිරීම, බෙදා හැරීම හා විශ්ලේශණය වැනි කාර්යය සිදු කෙරෙන්නේ සැලසුම් අංශයෙනි. අධ්‍යාපන සංවර්ධන, පාසල් පරිපාලන කාර්යය මෙන්ම කලාප අධ්‍යාපන කාර්යාලීය පරිපාලනයට සම්භන්ධ ක්‍රියාකාරී සැලසුම් හා ඇස්ත‍මේන්තු සකස් කිරීම මෙම අංශයේ ප්‍රධාන වගකීම වේ. කලාපයේ මූල්‍යාධාර ව්‍යාපෘති, අධ්‍යාපන පර්යේෂණ කාර්යය සම්බන්දීකරණය සඳහා දායක වීම ද සැලසුම් අංශයේ කාර්යභාරය අතර වේ.

සපයනු ලබන සේවාවන්

කලාපයට අදාල වාර්ශික ක්‍රියාත්මක වීමේ සැලැස්ම සකස් කිරීම

01. විෂයන් හා අංශයන්ට අදාලව තොරතුරු රැස් කිරීම.
02. එක ක්‍රියාකාරකම් කලාප සැලැස්මට ඇතුළුකර සැලැස්ම නිර්මාණය.
03. සැලැස්ම පරිගණක ගත කර පොතක් ලෙස එලි දැක්වීම.


කලාපයට අදාල වාර්ශික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ඉදිරිපත් කිරීම

01. අනුමැතිය සඳහා ඉදිරිපත් කරන වැඩසටහන් පරිගණක ගත කිරීම.
02. අවසන් වූ වැඩසටහන් වල ප්‍රගතිය පරිගණකගත කිරීම.
03. අවශ්‍ය අවස්ථාවලදී ප්‍රගතිය ඉදිරිපත් කිරීම.


භෞතික සම්පත් සංවර්ධන සැලැස්ම සකස් කිරීම

01. පාසල් වලින් භෞතික සම්පත් අවශ්‍යතා පිලිබඳ තොරතුරු ලබා ගැනීම හා ඒවා ගොණු ගත කිරීම.
02. ලබාගත් තොරතුරු පරිගණක වැඩසටහන් ආදාරයෙන් විශ්ලේශණය කිරීම.
03. එමඟින් ලබා ගන්නා තොරතුරු වලට අනුව වාර්ශික ප්‍ර‍මුඛතා ලයිස්තුවක් සකස් කිරීම.


පාසල් අනුව ගුරු හා විදුහල්පති තොරතුරු වාර්තා සකස් කිරීම

01. පාසල් මට්ටමින් ශ්‍රේණි අනුව ශිෂ්‍ය තොරතුරු ලබා ගැනීම.
02. 01/2016 චක්‍රලේඛ අනුව පරිගණක වැඩසටහනක් සකස් කර ඒ මඟින් කලාපයේ සිටින සියළු ගුරු හා විදුහල්පති සංඛ්‍යාව ගණනය කිරීම.
03. අවශ්‍ය අවස්ථාවලදී විශ්ලේශණ වාර්තා ඉදිරිපත් කිරීම.


පාසල් අනුව ශිෂ්‍ය තොරතුරු වාර්තා සකස් කිරීම

01. පාසල් මට්ටමින් ශ්‍රේණි අනුව ශිෂ්‍ය තොරතුරු ලබා ගැනීම.
02. පරිගණක වැඩසටහනක් මඟින් කලාපයේ සිටින සියළු ශිෂ්‍ය සංඛ්‍යාවන් ගණනය කිරීම.
03. අවශ්‍ය අවස්ථාවලදී විශ්ලේශණ වාර්තා ඉදිරිපත් කිරීම.


13 වසරක අඛන්ඩ අධ්‍යාපන වැඩසටහනට අදාල තොරතුරු රැස් කිරීම

01. 13 වසරක අඛන්ඩ අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක පාසල් අධීක්ෂණය හා උපදෙස් ලබා දීම.
02. එම පාසල් පිලිබඳ තොරතුරු රැස් කිරීම හා ප්‍රගතිය විශ්ලේශණය.
03. අවශ්‍ය අවස්ථාවලදී විශ්ලේශණ වාර්තා ඉදිරිපත් කිරීම.


පාසල් වර්ගීකරණය සකස් කිරීම

01. අදාල අකෘති පත්‍ර මාර්ගයෙන් පාසලේ පවත්නා පහසුකම් සැලකිල්ලට ගනිමින් තොරතුරු රැස් කිරීම.
02. එම ලබාගත් තොරතුරු පරිගණක වැඩසටහනක් ඔස්සේ පළාත් අමාත්‍යාංශය වෙත යොමු කිරීම .
03. පළාත් අමාත්‍යාංශය විසින් ලකුණු දීමේ පදනමතක් මත පාසල් වර්ග කිරීම සිදු කරනු ලබයි.


වාර්ශික පාසල් සංගණනයට අවශ්‍ය තොරතුරු රැස් කිරීම

01. අදාල ආකෘති පත්‍ර මඟින් ගුරු හා පාසල් පිළිබඳ තොරතුරු සෑම වසරකම ජූනි 01 දිනට ලබා ගැනීම.
02. එම තොරතුරු පරිගණක වැඩසටහනක් කුළට ඇතුළත් කිරීම .
03. අදාල පරිගණක වැඩසටහන හරහා දත්ත රේඛීය අමාත්‍යාංශය වෙත යොමු කිරීම.


වාර්ශික පාසල් නාමාවලිය සකස් කිරීම

01. අදාල ආකෘති පත්‍ර මඟින් වසරේ මුල් කාර්තුවේ අවශ්‍ය තොරතුරු ගෙන්වා ගැනීම.
02. එම තොරතුරු මූලික කරගෙන ඒ ඒ පාසල් වල මූලික තොරතුරු ඇතුලත් කර අත් පොතක් සකස් කිරීම .
03. එම අත් පොත කලාපය සම්භන්ධ සියළු ආයතන වෙත ලබා දෙනු ලබයි.


ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල විශ්ලේශණය

01. අදාල ආකෘති පත්‍ර මඟින් පෙනී සිටි සමත් හා ලබාගත් ලකුණු ප්‍රමාණ පිළිබඳ තොරතුරු ගෙන්වා ගැනීම.
02. එම තොරතුරු පරිගණක වැඩසටහනක් කුළට ඇතුළත් කර එමඟින් විශ්ලේශණ වාර්තාවක් සැකසීම .
03. අවශ්‍ය අවස්ථාවලදී විශ්ලේශණ වාර්තා ඉදිරිපත් කිරීම.


අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල විශ්ලේශණය

01. අදාල ආකෘති පත්‍ර මඟින් පෙනී සිටි සමත් හා ලබාගත් සාමාර්ථ පිළිබඳ තොරතුරු ගෙන්වා ගැනීම.
02. එම තොරතුරු පරිගණක වැඩසටහනක් කුළට ඇතුළත් කර එමඟින් විශයන් අනුව හා පාසල් අනුව විශ්ලේශණ වාර්තා සැකසීම .
03. අවශ්‍ය අවස්ථාවලදී විශ්ලේශණ වාර්තා ඉදිරිපත් කිරීම.


අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල විශ්ලේශණය

01. අදාල ආකෘති පත්‍ර මඟින් පෙනී සිටි සමත් හා ලබාගත් සාමාර්ථ පිළිබඳ තොරතුරු ගෙන්වා ගැනීම.
02. එම තොරතුරු පරිගණක වැඩසටහනක් කුළට ඇතුළත් කර එමඟින් විශයන් අනුව හා පාසල් අනුව විශ්ලේශණ වාර්තා සැකසීම .
03. අවශ්‍ය අවස්ථාවලදී විශ්ලේශණ වාර්තා ඉදිරිපත් කිරීම.


ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ක්‍රියාත්මක කිරීම

01. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ක්‍රියාත්මක පාසල් අධීක්ෂණය හා උපදෙස් ලබා දීම.
02. එම පාසල් පිලිබඳ තොරතුරු රැස් කිරීම හා ප්‍රගතිය විශ්ලේශණය.
03. ජාලගත පරිගණක වැඩසටහනක් ඔස්සේ ප්‍රගතිය පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීම.
04. අවශ්‍ය අවස්ථාවලදී විශ්ලේශණ වාර්තා ඉදිරිපත් කිරීම.


ගුණාත්ම යෙදවුම් සඳහා ලැබෙන මුදල් පාසල් වට බෙදා දීම

01. වාර්ශිකව පාසල් සඳහා වෙක් කරනු ලබන ගුණාත්ම යෙදවුම් සඳහා ලැබෙන මුදල් පිළී අධීක්ෂණය හා උපදෙස් ලබා දීම.
02. එම පාසල් පිලිබඳ තොරතුරු රැස් කිරීම හා ප්‍රගතිය විශ්ලේශණය.
03. ජාලගත පරිගණක වැඩසටහනක් ඔස්සේ ප්‍රගතිය පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීම.
04. අවශ්‍ය අවස්ථාවලදී විශ්ලේශණ වාර්තා ඉදිරිපත් කිරීම.


පාසල් වල වාර්ශික හා පස් අවුරුදු සැලසුම් භාර ගැනීම, පරීක්ෂා කිරීම හා අනුමැතිය ලබා දීම

01. පදනම් වර්ශය ආරම්භයට පෙර වාර්ශික සැලසුම් සකස් කිරීම සඳහා උපදෙස් ලබා දීම.
02.පාසල් වලින් වාර්ශික සැලසුම් සකස් කිරීමෙන් පසු ඒවා නියමිත පරිදි සකස් කර ඇද්දැයි පරීක්ෂා කිරීම.
03. නියමිත පරිදි සකස් කර ඇති සැලසුම් අනුමත කිරීම.


පාසල් වල වියදම් ඇස්තමේන්තු හා 5/2015ට අදාල ඇස්තමේන්තු භාර ගැනීම, පරීක්ෂා කිරීම හා අනුමැතියට ඉදිරිපත් කිරීම

01. පදනම් වර්ශය ආරම්භයට පෙර වාර්ශික ඇස්තමේන්තු හා 5/2015 චක්‍රලේඛයට අදාලව ඇස්තමේන්තු සකස් කිරීම සඳහා උපදෙස් ලබා දීම.
02. පාසල් වලින් වාර්ශික ඇස්තමේන්තු හා 5/2015 චක්‍රලේඛයට අදාල ඇස්තමේන්තු සකස් කිරීමෙන් පසු ඒවා නියමිත පරිදි සකස් කර ඇද්දැයි පරීක්ෂා කිරීම.
03. නියමිත පරිදි සකස් කර ඇති වාර්ශික ඇස්තමේන්තු හා 5/2015 චක්‍රලේඛයට අදාල ඇස්තමේන්තු නිර්දේශ කර අනුමැතිය සඳහා පළාත් අමාත්‍යාංශය වෙත යොමු කිරීම.


පාසල් වල සංවර්ධන, ප්‍රසම්පාදන, තාක්ෂණික ඇගයීම් හා කළමණාකරණ කමිටු භාර ගැනීම, පරීක්ෂා කිරීම හා අනුමත කිරීම

01. පදනම් වර්ශය ආරම්භයට පෙර අදාල කමිටු සකස් කිරීම සඳහා උපදෙස් ලබා දීම.
02. පාසල් වලින් අදාල කමිටු සකස් කිරීමෙන් පසු ඒවා නියමිත පරිදි සකස් කර ඇද්දැයි පරීක්ෂා කිරීම.
03. නියමිත පරිදි සකස් කර ඇති අදාල කමිටු අනුමත කිරීම.


පොදු තොරතුරු

  • සාමාන්‍ය සේවාවන් ලබාගත හැකි දින : සෑම සතියකම සඳුදා හා අඟහරුවාදා දින
  • හදිසි සේවාවන් ලබාගත හැකි දින : සතියේ වැඩකරන ඕනෑම දිනක
  • වේලාව : පෙ.ව. 8.30 සිට ප.ව.4.15 දක්වා
  • අංශ කේතය : කෑ/අධ්‍යා/සැල/

අංශය භාර මාණ්ඩලික නිළධාරීන්

  • නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ
    ( සැලසුම්, සංඛ්‍යාලේඛන හා ඉදිකිරීම්)
    ආර්. ඩබ්. එම්. ආර්. පී. බී. රත්නායක මයා

අංශය සම්බන්ධ කරගන්න

  • දුරකථන අංකය
    +94 (35) 222 3021
    +94 (35) 222 2520
    සබැඳුම : 107
  • විද්‍යුත් තැපැල් ලිපිනය
    kegalleedz@gmail.com

කෑගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය, අධ්‍යාපනයේ ප්‍රතිලාභීන්ට වඩාත් ම සමීප, කාර්යක්ෂම හා ඵලදායී සේවයක් සපයන ප්‍රමුඛ ආයතනක් ලෙස මේ වන විටත් පත්ව ඇත.
තවදුරටත් ආයතන සතු වගකීම් හා වගවීම් ප්‍රශස්ථ මට්ටමින් ඉටු කිරීම පිණිස මෙම වෙබ් අඩවිය පරිශීලනයෙන් සේවාලාභී ඔබටත්, සේවාදායී අපටත් මහඟු පිටුවහලක් ලැබෙනු ඇත.

තව කියවන්න

කොට්ඨාස හා අංශ

  • ගුරු ආයතන අංශය
  • වැටුප් හා ගිණුම් අංශය
  • විශ්‍රාම අංශය
  • සංවර්ධන අංශය
  • පරිපාලන අංශය
  • සැලසුම්, සංඛ්‍යාලේඛන හා ඉදිකිරීම් අංශය
  • සාමාන්‍ය පාලන අංශය
  • කෑගල්ල කොට්ඨාස කාර්යාලය
  • ගලිගමුව කොට්ඨාස කාර්යාලය
  • වරකාපොල කොට්ඨාස කාර්යාලය
  • දැදිගම කොට්ඨාස කාර්යාලය

කෙටි සබැඳි

  • Office Login
  • EEA Login
  • වැඩසටහන් විස්තර
  • පින්තූර එකතුව
  • අප ගැන..
  • පාසල් වල පොදු තොරතුරු
  • පසුගිය විභාග ප්‍රතිඵල තොරතුරු
  • පොදු ගැටළු හා පිළිතුරු
  • චක්‍රලේඛ

සම්බන්ධතා...

  • A21, කලාප අධ්‍යාපන කාර්යාලය, කෑගල්ල.
  • +94 (35) 2222 520

  • kegalleedz@gmail.com

@ Copyright 2020 ZEO - Kegalle. All Rights Reserved
This page was last modified on 24 February 2025

  • නිවස්න පිටුව
  • අපගේ අංශයන්
    • ගුරු ආයතන අංශය
    • වැටුප් හා ගිණුම් අංශය
    • විශ්‍රාම අංශය
    • සංවර්ධන අංශය
    • පරිපාලන අංශය
    • සැලසුම්, සංඛ්‍යාලේඛන හා ඉදිකිරීම් අංශය
    • සාමාන්‍ය පාලන අංශය
    • තොරතුරු තාක්ෂණ අංශය
  • වැඩසටහන්
    • වැඩසටහන් විස්තර
    • පින්තූර එකතුව
  • තොරතුරු
    • අප ගැන..
    • පාසල් වල පොදු තොරතුරු
    • පසුගිය විභාග ප්‍රතිඵල තොරතුරු
    • පොදු ගැටළු හා පිළිතුරු
    • චක්‍රලේඛ
  • කොට්ඨාස කාර්යාල
    • කෑගල්ල කොට්ඨාස කාර්යාලය
    • ගලිගමුව කොට්ඨාස කාර්යාලය
    • වරකාපොල කොට්ඨාස කාර්යාලය
    • දැදිගම කොට්ඨාස කාර්යාලය
  • සම්බන්ධතා