• +94 (35) 2222 520
  • kegalleedz@gmail.com
  • සිංහල

    සිංහල

    • සිංහල
    • English
    • தமிழ்
  • EEA Login
  • Office Login
    නිවස්න පිටුව
  • අපගේ අංශයන්
    • ගුරු ආයතන අංශය
    • වැටුප් හා ගිණුම් අංශය
    • විශ්‍රාම අංශය
    • සංවර්ධන අංශය
    • පරිපාලන අංශය
    • සැලසුම්, සංඛ්‍යාලේඛන හා ඉදිකිරීම් අංශය
    • සාමාන්‍ය පාලන අංශය
  • වැඩසටහන්
    • වැඩසටහන් විස්තර
    • පින්තූර එකතුව
  • තොරතුරු
    • අප ගැන..
    • පාසල් වල පොදු තොරතුරු
    • පසුගිය විභාග ප්‍රතිඵල තොරතුරු
    • පොදු ගැටළු හා පිළිතුරු
    • චක්‍රලේඛ
  • කොට්ඨාස කාර්යාල
    • කෑගල්ල කොට්ඨාස කාර්යාලය
    • ගලිගමුව කොට්ඨාස කාර්යාලය
    • වරකාපොල කොට්ඨාස කාර්යාලය
    • දැදිගම කොට්ඨාස කාර්යාලය
  • සම්බන්ධතා

විශ්‍රාම අංශය

විශ්‍රාමික සේවාලාභීන්ගේ ලිපිගොණු පිළිබඳ සියළු කටයුතු මෙම අංශය මඟින් ඉටු කරනු ලබයි.
  • නිවස්න පිටුව
  • විශ්‍රාම අංශය

විශ්‍රාම අංශය වෙත සාදරයෙන් පිළිගනිමු....

සටහන

විශ්‍රාමික සේවාලාභීන්ගේ පෞද්ගලික ලිපිගොණු පිළිබඳ හා ඔවුන්ගේ විශ්‍රාම වැටුප් පිලිබඳ කටයුතු මෙම අංශය මඟින් ඉටුකරනු ලබයි. තවද විශ්‍රාම වැටුප් සංශෝධන හා මරණ පාරිතෝෂික ගෙවීමේ කටයුතුත්, වැනදඹු හා අනත්දරු දායක මුදල් ආපසු ගෙවීමේ කටයුතුත් මෙම අංශය මඟින් ඉටුකරනු ලබයි.

සපයනු ලබන සේවාවන්

වයස සම්පූර්ණ වීම මත, සේවා කාලය මත, වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගැනීමට ඉල්ලුම් කරන නිළධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ කටයුතු
සේවය සැපයීමේ කාලය : මාස 01

01. සේවාලාභීයා විසින් ඉදිරිපත් කරනු ලබන විශ්‍රාම ගැන්වීමේ අයදුම්පත නිවැරදිව සම්පූර්ණ කර ඇද්ද යන්න පරීක්ෂා කිරීම.
02. එය නිවැරදිව ඇත්නම් මාර්ගගත ක්‍රමය යටතේ අයදුම්පත ලියාපදිංචි කිරීම.
03. සේවාලාභීයා විසින් ඉදිරිපත් කලයුතු ලිපි ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසු ඒවා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්දෙශය යටතේ විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුව වෙත යොමු කිරීම.
04. විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුව මඟින් විශ්‍රාම වැටුප් අංකය නිකුත් කල පසු (භා. 79) අදාල ලියකියවිලි නියමිත ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කිරීම.
05. සියළු කටයුතු අවසන් වීමෙන් පසුව අදාල පෞද්ගලික ලිපිගොණුව ලේඛනාගාරය වෙත යොමු කිරීම.

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01. විශ්‍රාම අයදුම්පත පිටපත් 03.
  • 02. විශ්‍රාම ගැන්වීමේ ලිපිය.
  • 03. අදාල බැංකු පොතේ ගිණුම් අංකය සහිත කොටසේ ඡායා පිටපතක්.
  • 04. ජාතික හැදුනුම්පතේ පිටපතක්.
  • 05. උප්පැන්න සහතිකය.
  • 06. ග්‍රාම සේවක සහතිකයහි පිටපතක්.
  • 07. අයදුම්පත ඉදිරිපත් කරන දිනට පෙර මාසයේ වැටුප් විස්තරය.
  • 08. රජයට ඇති අයකරගැනීමේ වාර්ථාව.
  • 09. අවසන් වැටුප් පරිවර්තන ලිපිය.
  • 10. වැටුපේ වෙනස්කම් ඇත්නම් වෙනසට හේතුන්.
  • 11. චර්යා සටහන් පත්‍රය.
  • 12. නමේ වෙනසක් ඇතොත් දිවුරුම් ප්‍රකාශයක්.
  • 13. කලත්‍රයා මියගොස් නම් මරණ සහතිකය.


රජය විසින් වරිව වර නිකුත් කරන විශ්‍රාම වැටුප් සංශෝධන සඳහා වන චක්‍රලේඛ අනුව මේ වන විට විශ්‍රාම ගොස් සිටින නිළධාරීන්ගේ විශ්‍රාම වැටුප් සංශෝධන කටයුතු
සේවය සැපයීමේ කාලය : මාස 01

01. විශ්‍රාම වැටුප් සංශෝධනයට අදාල නිළධාරීන්ගේ ලිපිගොණු ලේඛනාගාරයෙන් ගෙන්වා ගැනීම.
02. සංශෝධනයට අදාල අයදුම්පත් අදාල නිළධාරීන්ගෙන් ගෙන්වාගෙන අනුමැතිය සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත යොමු කිරීම.
03. එම අයදුම්පත් අනුමත වීමෙන් පසු සංශෝධනයට අදාල වැටුප් පරිවර්තනය සකස්කර පරිපාලන නිළධාරී හරහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙක ඉදිරිපත් කිරීම.
04. වැටුප් පරිවර්තනයට අදාල ව විශ්‍රාම වැටුප සංශෝධන සකස්කර PD 6 මඟින් විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුව වෙත යොමු කිරීම.
05. විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුව මඟින් අංකය නිකුත් කිරීමෙන් පසු අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අදාල ලියකියවිලි යොමු කිරීම.

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01. සංශෝධනයට අදාල PD 6 ආකෘතිය.
  • 02. සංශෝධනයට අදාල වැටුප් පරිවර්තන ලිපිය.
  • 03. අදාල බැංකු පොතේ ගිණුම් අංකය සහිත කොටසේ ඡායා පිටපතක්.
  • 04. සංශෝධිත චර්යා සටහන් පත්‍රය.
  • 05. විශ්‍රාම වැටුප් ප්‍රධාන පත්‍රය.


සේවයේ යෙදී සිටියදී මිය ගිය නිළධාරීන්ගේ මරණ පාරිතෝෂික ගෙවීමේ කටයුතු
සේවය සැපයීමේ කාලය : මාස 02

01. කලත්‍රයා විසින් ඉදිරිපත් කරනු ලබන මරණ පාරිතෝෂික හා වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සකස්කර ගැනීමට අදාල ලියකියවිලි නිවැරදිව සම්පූර්ණ කර ඇද්ද යන්න පරීක්ෂා කර බැලීම.
02. කලත්‍රයා විසින් ඉදිරිපත් කල යුතු ලිපි ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසු විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුව වෙත යැවීම. (මරණ පාරිතෝෂිකයනක් බැවින් විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුව මඟින් අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යැවීම සිදු කරනු ලබයි.)
03. සියළු කටයුතු අවසාන් වීමෙන් පසුව අදාළ පෞද්ගලික ලිපිගොණුව ලේඛනාගාරය වෙත යොමු කරනු ලබයි.

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01. අධ්‍යාපන සී 08 ඒ සම්පූර්ණ කරන ලද ආකෘතිය.
  • 02. වැන්දඹු අනත්දරු මාසික විශ්‍රාම වැටුප් සකස් කිරීමේ කාර්යාල සටහන.
  • 03. වැන්දඹු අනත්දරු මාසික විශ්‍රාම වැටුප් ගෙවීම් PD-04 ආකෘතිය.
  • 04. මරණ පාරිතෝෂික ඉල්ලුම් කිරීමේ PD-05 ආකෘතිය.
  • 05. වැන්දඹු අනත්දරු අංකය.
  • 06. මරණ සහතිකය.
  • 07. අවසන් වැටුප් පරිවර්තන ලිපිය පිටපතක්.
  • 08. ආසන්නව ගෙවන ලද වැටුප් විස්තරය.
  • 09. පොදු 53 චර්යා සටහන.
  • 10. පත්වීමේ ලිපිය.
  • 11. වැටුප් පරිවර්තන ලිපිය 3-11 අන්තර්ග්‍රහණය කිරීමේ ලිපිය.
  • 12. වැටුප් පරිවර්තන ලිපිය 3-1 අන්තර්ග්‍රහණය කිරීමේ ලිපිය.
  • 13. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6-2006 viii වැටුප් පරිවර්තන ලිපිය.
  • 14. අවසන් වරට සේවය කරන ලද දිනය.
  • 15. වැටුප් රහිත නිවාඩු ලබා නොගත් බවට ලිපිය.
  • 16. නොඉල්ලුම් සහතිකය.
  • 18. නිදහස් දුම්රිය බලපත්‍ර පිළිබඳ ප්‍රකාශය.
  • 19. නිළධාරියා භාරයේ තිබූ රජයට අයත් භාණ්ඩ නිවැරදිව ඇති බවට විදුහල්පතිගේ ලිපිය.
  • 20. නිළ නිවාස භාවිතා නොකල බවට ලිපිය.
  • 21. උප්පැන්න සහතිකය.
  • 22.ජාතික හැදුනුම්පතේ පිටපතක් .
  • 23. කලත්‍රයාගේ උප්පැන්න සහතිකය.
  • 24. විවාහා සහතිකය.
  • 25. කලත්‍රයාගේ ජාතික හැදුනුම්පතේ පිටපතක්.
  • 26. නැවත විවාහා වී නොමැති බවට ග්‍රාම නිළධාරී තැනගේ ලිපිය පිටපතක්.
  • 27. උරුමකරු වාර්ථාව.
  • 28. යැපැන්නන් පිළිබඳ වාර්ථාව.
  • 29. මරණ පාරිතෝෂික සහ වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ඉල්ලුම් කරන අයගේ ලිපිය.
  • 30. කලත්‍රයාගේ බැංකු පොතේ ගිණුම් අංකය සටහන කොටසේ පිටපතක්.


වැන්දඹු අනත්දරු දායක මුදල් ආපසු ගෙවීමේ කටයුතු (අවිවාහක හා විශ්‍රාම යනවිට කලත්‍රයා මියගොස් ඇති නිළධාරීන් සඳහා)
සේවය සැපයීමේ කාලය : මාස 01

01. නිළධාරියා විසින් ඉදිරිපත් කරනු ලබන ලිපි ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසු සේවා කාලය තුල අයවූ වැන්දඹු අනත්දරු දායක මුදල් විස්තර අදාල සේවා ස්ථාන වලින් ගෙන්වා ගැනීම.
02. එම විස්තර ලද පසුව ගණනය කිරීම් සිදුකොට අදාළ මුදල ලබා ගැනීම සඳහා ලිපි ලේඛන විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුව වෙත යැවීම.
03. ඒ අනුව වැන්දඹු අනත්දරු දායක මුදල නිළධාරියා වෙත ගෙවනු ලැබේ.

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01.
  • 02.

පොදු තොරතුරු

  • සාමාන්‍ය සේවාවන් ලබාගත හැකි දින : සෑම සතියකම සඳුදා හා බදාදා දින
  • හදිසි සේවාවන් ලබාගත හැකි දින : සතියේ වැඩකරන ඕනෑම දිනක
  • වේලාව : පෙ.ව. 8.30 සිට ප.ව.4.15 දක්වා
  • අංශ කේතය : කෑ/අධ්‍යා/විශ්‍රාම/

අංශය භාර මාණ්ඩලික නිළධාරීන්

  • නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ
    ( ගුරු ආයතන I)
    එච්. ජී. ඩී. ප්‍රියන්ති මිය

අංශය සම්බන්ධ කරගන්න

  • දුරකථන අංකය
    +94 (35) 2222 520
  • විද්‍යුත් තැපැල් ලිපිනය
    kegalleedz@gmail.com

කෑගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය, අධ්‍යාපනයේ ප්‍රතිලාභීන්ට වඩාත් ම සමීප, කාර්යක්ෂම හා ඵලදායී සේවයක් සපයන ප්‍රමුඛ ආයතනක් ලෙස මේ වන විටත් පත්ව ඇත.
තවදුරටත් ආයතන සතු වගකීම් හා වගවීම් ප්‍රශස්ථ මට්ටමින් ඉටු කිරීම පිණිස මෙම වෙබ් අඩවිය පරිශීලනයෙන් සේවාලාභී ඔබටත්, සේවාදායී අපටත් මහඟු පිටුවහලක් ලැබෙනු ඇත.

තව කියවන්න

කොට්ඨාස හා අංශ

  • ගුරු ආයතන අංශය
  • වැටුප් හා ගිණුම් අංශය
  • විශ්‍රාම අංශය
  • සංවර්ධන අංශය
  • පරිපාලන අංශය
  • සැලසුම්, සංඛ්‍යාලේඛන හා ඉදිකිරීම් අංශය
  • සාමාන්‍ය පාලන අංශය
  • කෑගල්ල කොට්ඨාස කාර්යාලය
  • ගලිගමුව කොට්ඨාස කාර්යාලය
  • වරකාපොල කොට්ඨාස කාර්යාලය
  • දැදිගම කොට්ඨාස කාර්යාලය

කෙටි සබැඳි

  • Office Login
  • EEA Login
  • වැඩසටහන් විස්තර
  • පින්තූර එකතුව
  • අප ගැන..
  • පාසල් වල පොදු තොරතුරු
  • පසුගිය විභාග ප්‍රතිඵල තොරතුරු
  • පොදු ගැටළු හා පිළිතුරු
  • චක්‍රලේඛ

සම්බන්ධතා...

  • A21, කලාප අධ්‍යාපන කාර්යාලය, කෑගල්ල.
  • +94 (35) 2222 520

  • kegalleedz@gmail.com

@ Copyright 2020 ZEO - Kegalle. All Rights Reserved
This page was last modified on 24 February 2025

  • නිවස්න පිටුව
  • අපගේ අංශයන්
    • ගුරු ආයතන අංශය
    • වැටුප් හා ගිණුම් අංශය
    • විශ්‍රාම අංශය
    • සංවර්ධන අංශය
    • පරිපාලන අංශය
    • සැලසුම්, සංඛ්‍යාලේඛන හා ඉදිකිරීම් අංශය
    • සාමාන්‍ය පාලන අංශය
    • තොරතුරු තාක්ෂණ අංශය
  • වැඩසටහන්
    • වැඩසටහන් විස්තර
    • පින්තූර එකතුව
  • තොරතුරු
    • අප ගැන..
    • පාසල් වල පොදු තොරතුරු
    • පසුගිය විභාග ප්‍රතිඵල තොරතුරු
    • පොදු ගැටළු හා පිළිතුරු
    • චක්‍රලේඛ
  • කොට්ඨාස කාර්යාල
    • කෑගල්ල කොට්ඨාස කාර්යාලය
    • ගලිගමුව කොට්ඨාස කාර්යාලය
    • වරකාපොල කොට්ඨාස කාර්යාලය
    • දැදිගම කොට්ඨාස කාර්යාලය
  • සම්බන්ධතා