• +94 (35) 2222 520
  • kegalleedz@gmail.com
  • සිංහල

    සිංහල

    • සිංහල
    • English
    • தமிழ்
  • EEA Login
  • Office Login
    නිවස්න පිටුව
  • අපගේ අංශයන්
    • ගුරු ආයතන අංශය
    • වැටුප් හා ගිණුම් අංශය
    • විශ්‍රාම අංශය
    • සංවර්ධන අංශය
    • පරිපාලන අංශය
    • සැලසුම්, සංඛ්‍යාලේඛන හා ඉදිකිරීම් අංශය
    • සාමාන්‍ය පාලන අංශය
  • වැඩසටහන්
    • වැඩසටහන් විස්තර
    • පින්තූර එකතුව
  • තොරතුරු
    • අප ගැන..
    • පාසල් වල පොදු තොරතුරු
    • පසුගිය විභාග ප්‍රතිඵල තොරතුරු
    • පොදු ගැටළු හා පිළිතුරු
    • චක්‍රලේඛ
  • කොට්ඨාස කාර්යාල
    • කෑගල්ල කොට්ඨාස කාර්යාලය
    • ගලිගමුව කොට්ඨාස කාර්යාලය
    • වරකාපොල කොට්ඨාස කාර්යාලය
    • දැදිගම කොට්ඨාස කාර්යාලය
  • සම්බන්ධතා

ගුරු ආයතන අංශය

ගුරු භවතුන්ගේ පෞද්ගලික ලිපිගොණු පිළිබඳ සියළු කටයුතු මෙම අංශය මඟින් ඉටු කරනු ලබයි.
  • නිවස්න පිටුව
  • ගුරු ආයතන අංශය

ගුරු ආයතන අංශය වෙත සාදරයෙන් පිළිගනිමු....

ගුරුතුම ගුරුතුමිය මෙතනට සැපත් වන
ඔබ සැම පිළිගනිමු සිහිකර ගුරුන් ගුණ

සටහන

අධ්‍යාපන සංවර්ධනය, පාසල් පරිපාලනය, සැලසුම්කරණය යන ක්ෂේත්‍රවල ප්‍රශස්ථ යාන්ත්‍රණය පවත්වා ගැනීමට අවශ්‍යවන පාසල් සතු මානව සම්පත, ගුරු භවතුන් හා විදුහල්පතිවරුන් සඳහා අවශ්‍යවන පහසුකම් හා සේවා සැපයීම ගුරු ආයතන ශාඛාව මඟින් ඉටුකරනු ලබයි.
කලාපය තුල සිටින සියළුම ගුරුභවතුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ සේවාවලට අදාළව උද්ගත ආයතනික කටයුතු සියල්ල පරිපාලනය වන්නේ මෙම අංශයෙනි.

සපයනු ලබන සේවාවන්

වැඩි නිවාඩු ඉතිරි නිවාඩු වලින් හිලව් කිරීම
සේවය සැපයීමේ කාලය : දින 03

01. ඉතිරි නිවාඩු බී - 100 මඟින් ලබා ගැනීම.
02. වෛද්‍ය වාර්තා ගලපා ඉකුත් නිවාඩු වලින් හිලවි කිරීමට අනුමැතිය ලබා ගැනීම.
03. අදාල නිළධාරීන් හා සේවාලාභීන් දැනුවත් කිරීම.
04. වැටුප් රහිත නිවාඩු ලබාදෙන්නේ නම්, නිවාඩු වර්ග කිරීම හා ගණකාධිකාරී දැනුවත් කිරීම.

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01. හිලව් කරන්නේ නම් වෛද්‍ය වාර්තා.
  • 02. බී - 100 මඟින් ඉතිරි නිවාඩු හා අඳාල වර්ශයේ නිවාඩු වාර්තාව.
  • 03. විදුහල්පති මඟින් ඉදිරිපත් කරන ඉල්ලීමේ ලිපිය.


නව විදුහල්පති පත්වීම් සේවා ව්‍යවස්ථාවට අන්තර්ග්‍රහණය කිරීම
සේවය සැපයීමේ කාලය : මාස 02

01. විදුහල්පති සේවයට අන්තර්ග්‍රහණය කිරීමේ අයදුම්පත ගෙන්වා ගැනීම.
02. අයදුම්පත නිවැරදිව සකස්කර ඇති බවට පරීක්ෂා කර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ නිර්දේශයට ඉදිරිපත් කිරීම.
03. එම අයදුම්පත අනුමැතිය සඳහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත යොමු කිරීම.
04. පළාත් අධ්‍යාපන ලේකම් හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් විසින් එම අයදුම්පත අනුමත කර එවූ පසු විදුහල්පති අන්තර්ග්‍රහණය සිදු කිරීම.

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01. විදුහල්පති පත්වීම්.
  • 02. විදුහල්පති වැඩභාර ගැනීමේ ලොග් සටහන.
  • 03. විදුහල්පති උසස්වීමට අදාල ලිපි.


නව ගුරු පත්වීම් සේවා ව්‍යවස්ථාවට අන්තර්ග්‍රහණය කිරීම
සේවය සැපයීමේ කාලය : මාස 01

01. ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීමේ අයදුම්පත ගෙන්වා ගැනීම.
02. අයදුම්පත නිවැරදිව සකස්කර ඇති බවට පරීක්ෂා කර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ නිර්දේශයට ඉදිරිපත් කිරීම.
03. එම අයදුම්පත අනුමැතිය සඳහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත යොමු කිරීම.
04. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් එම අයදුම්පත අනුමත කර එවූ පසු ගුරු අන්තර්ග්‍රහණය සිදු කිරීම.

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01. අන්තර්ග්‍රහණ අයදුම්පත.


පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවට ගෙවූ මුදලින් අඩක් ගෙවීම.
සේවය සැපයීමේ කාලය : මාස 02

01. පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා සහතිකය ගෙන්වා ගැනීම.
02. ආවරණ ලිපියක් සමඟ එම සහතිකය අඳාල ආයතන වෙත සනාථ කිරීමට යැවීම.
03. ඉල්ලීම් ලිපිය සමඟ වවුචර්පත් ගෙන්වා ගැනීම.
04. වවුචර්පත් නිර්දේශයට හා අනුමැතියට ඉදිරිපත් කිරීම.
05. අනුමැතිය ලද පසුව ගිණුම් අංශය වෙත වවුචර්පත් ‍යොමු කිරීම.

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01. ඉල්ලීම් ලිපිය.
  • 02. පොදු 35 වවුචර්පත් 03ක්.
  • 03. ඩිප්ලෝමා පාඨමාලාවට මුදල් ගෙවූ කුවිතාන්සි වල මුල් පිටපත්.
  • 04. ප්‍රතිඵල ලේඛන හා එහි සනාථ ලිපිය. (පිටපත් 03ක්.)


විදුහල්පතිවරුන්ගේ විශ්‍රාම ගැන්වීම.
සේවය සැපයීමේ කාලය : මාස 03

01. කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්දේශය සහිත විශ්‍රාම අයදුම්පත්‍ර පිටපත් 04ක් ගෙන්වා ගැනීම.
02. එම අයදුම්පත පරීක්ෂා කර බලා ශාඛා ප්‍රධාන, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ හරහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත නිර්දේශය සඳහා ඉදිරිපත් කිරීම.
03. විශ්‍රාම ගැන්වීමට අදාල ලිපිගොණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත යොමු කිරීම.
04. පළාත් අධ්‍යාපන ලේකම් හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගේ අනුමත ලිපිය ලද පසුව විශ්‍රාම ගැන්වීම.
05. චර්යා සටහන සකස්කර විශ්‍රාම අංශය වෙත ලිපිගොණුව යොමු කිරීම.

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01. ඉල්ලීම් ලිපිය.
  • 02. විශ්‍රාම යාම දැනුම්දීමේ ලිපිය.
  • 03. සේවය ස්ථීර කිරීමේ ලිපිය.
  • 04. පසුගිය වර්ශ 3ක බී 100 වාර්තා.
  • 05. ස්ථීර මුල් පත්වීම.
  • 06. විදුහල්පති සේවයේ පත්වීම් ලිපිය.
  • 07. උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපත්.
  • 08. ජාතික හැදුනුම්පතේ සහතික කළ පිටපත්.
  • 09. පළාත් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීමේ ලිපි.
  • 10. මුල් පත්වීමට අදාල අධ්‍යාපන සහතික.
  • 11. පුහුණු/ උපාධි/ ඩිප්ලෝමා සහතික වල පිටපත්.
  • (සියළුම ලිපි පිටපත් 04කින් යුතුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින්ම සහතික කර ඉදිරිපත් කළ යුතුවේ.)


විදේශ නිවාඩු අනුමත කිරීම.
සේවය සැපයීමේ කාලය : දින 05

01. නිවැරදිව සම්පූර්ණ කරන ලද නිවාඩු අයදුම්පත් හා කාර්යාලීය සටහන, ලිපිගොණුව අනුව පරීක්ෂා කර අනුමැතියට ඉදිරිපත් කිරීම.

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01. ඉල්ලීම් ලිපිය.
  • 02. නිවැරදිව සම්පූර්ණ කරන ලද පොදු 126 ආකෘතිය.
  • 03. වලංගු විදේශ ගමන් බලපත්‍රයේ පිටපත්.
  • 04. ජාතික හැදුනුම්පතේ පිටපත්.
  • 05. රාජකාරි ආවරණ ලිපිය.
  • 06. සේවය ස්ථීර කිරීමේ ලිපිය.
  • 07. අදාල වර්ශයේ නිවාඩු විස්තර.
  • 08. මාස 03කට පෙර ලබා නොදුන්නේ නම් ප්‍රමාදයට හේතු දැක්වීමේ ලිපිය.
  • (ජාතික පාසලක නම් පිටපත් 03 බැගින් හා පළාත් පාසලක නම් පිටපත් 02 බැගින් ලබාදිය යුතුය.)


ප්‍රසූත නිවාඩු අනුමත කිරීම.
සේවය සැපයීමේ කාලය : දින 01

01. වෛද්‍ය වාර්තා සමඟ ඉල්ලීම් ලිපිය ලබා ගැනීම.
02. වෛද්‍ය වාර්තා සමඟ ගලපා කාලය තීරණය කිරීම.
03. අදාල ලිපි අනුමැතියට ඉදිරිපත් කිරීම.
04. අනුමැතිය ලද පසු විදුහල්පති, ගණකාධිකාරී හා අදාල සේවාලාභියා දැනුවත් කිරීම.

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01. විදුහල්පති නිර්දේශය සහිත ඉල්ලීම් ලිපිය.
  • 02. වෛද්‍ය වාර්තාවල මුල් පිටපත්. (වැටුප් සහිත මුල් දින 84 දී)


වැටුප් සහිත අධ්‍යයන නිවාඩු අනුමත කිරීම.
සේවය සැපයීමේ කාලය : දින 02

01. අදාල ලිපි, ලිපි ගොණුව හා චක්‍රලේඛ අනුව පරීක්ෂා කර බලා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ නිර්දේශයට ඉදිරිපත් කිරීම.
02. අනුමැතිය සඳහා අදාල ලිපි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත යොමු කිරීම.
03. අනුමැතිය ලද පසු ගණකාධිකාරී, විදුහල්පති දැනුවත් කිරීම.

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01. අධ්‍යයන නිවාඩු අයදුම්පත් - 02.
  • 02. ඉල්ලීම් ලිපි පිටපත් - 02
  • 03. පාඨමාලාව සඳහා තෝරාගත්බව සඳහන් ලිපිය පිටපත් - 02
  • 04.තනතුර ස්ථීර කිරීමේ ලිපිය පිටපත් - 02
  • 05. රාජකාරි ආවරණ ලිපිය පිටපත් - 02
  • 07. බැඳුම්කර ගිවිසුම - 15 පරිශිෂ්ටය
  • 08. විභාග කාලසටහන
  • 09. වැටුප් සහිත නිවාඩු නම් - 8 පරිශිෂ්ටය


වාර්ශික වැටුප් වර්ධක ලබාදීම.
සේවය සැපයීමේ කාලය : දින 01

01. විදුහල්පති හා කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ මඟින් ලැබුණු වැටුප් වර්ධක අයදුම්පත නියමිත වැටුප් පියවරෙහි පිහිටුවා අනුමැතියට ඉදිරිපත් කිරීම.
02. අනුමත වු පසු ගණකාධිකාරී පිටපත වැටුප් අංශයට යොමු කිරීම හා ඒ බව සේවාලාභියා වෙත ලිඛිතව දැනුම්දීම.

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01. කාර්ය සාධන පිටපත් - 02.
  • 02. වැටුප් වර්ධක අයදුම්පත - 02
  • (ඉහත ලේඛන කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ මඟින් ඉදිරිපත් කළ යුතුය.)


පරිවාස කාලය අවසානයේ සේවය ස්ථීර කිරීම
සේවය සැපයීමේ කාලය : දින 03

01. අවුරුදු 2 1/2 ට අදාල පරිවාස වාර්තාවන් සම්පූර්ණ කර සේවාලාභියා විසින් කොට්ඨාශ කාර්යාලය වෙත භාර දිය යුතුය.
02. පසුව කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය හරහා පෞද්ගලික ලිපිගොණුව වෙත ලැබුණු පසු කාර්යාල සටහන සම්පූර්ණ කර පහත ලේඛන ලිපිගොණුවේ තිබේ දැයි පරීක්ෂා කිරීම.

1. මුල් පත්වීම් ලිපිය (කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පිටපත)

2. වැඩ භාර ගැනීම.

3. උප්පැන්න සහතිකයේ මුල් පිටපත.

4. වෛද්‍ය සහතිකය.

5. පත්වීමට අදාල ප්‍රතිඵල සනාථ කිරීම් ලිපි.

03. ඉන් පසු සේවය සථීර කිරීමේ ලිපි අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම.

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01. පළමු වර්ශයේ, දෙවන වර්ශයේ හා අවුරුදු 2 1/2 ට අදාල කලාප අධ්‍යාපන කාර්යාලය මඟින් නිකුත් කරන ලද පරිවාස වාර්තා.
  • 02. එම කාලසීමාවට අදාල බී 100 වාර්තාවන්


නව පත්වීමක් / ස්ථාන මාරුවීමෙන් පසු වැඩ භාර ගැනීම අනුව වැටුප් ගෙවීම
සේවය සැපයීමේ කාලය : දින 01

01. නව පත්වීමක් / ස්ථාන මාරු ලිපිය අනුව වැඩ භාර ගැනීම තහවුරු කර ගැනීම.
02. සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ / නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ මඟින් ගෙවීම් නියෝග ලබා ගැනීම.
03. අනුමත කරන ලද ගෙවීම් නියෝගය ගණකාධිකාරී වෙත යොමු කිරීම.

ඉදිරිපත් කළයුතු ලේඛන (නව පත්වීමකදී)

  • 01. පත්වීම් ලිපිය.
  • 02. වැඩ භාර ගැනීමේ ලොග් සටහන් පිටපත.
  • 03. ජාතික හැඳුනුම්පතේ සහතික කල පිටපතක්.
  • 04. පත්වීම් ලිපියේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පිටපත.
  • 05. උප්පැන්න සහතිකයේ මුල් පිටපතක්.

ඉදිරිපත් කළයුතු ලේඛන (ස්ථාන මාරුවීමකදී)

  • 01. ස්ථාන මාරු කිරීමේ ලිපිය.
  • 02. ඒ අනුව වැඩ භාර ගැනීමේ ලොග් සටහන් පිටපත.
  • 03. ජාතික හැඳුනුම්පතේ සහතික කල පිටපතක්.
  • 04. පෙර සේවා ස්ථානයෙන් මුදා හැරීම හා බඩු භාර දීමේ ලිපි.


ගුරුභවතුන්ගේ විශ්‍රාම ගැන්වීම.
සේවය සැපයීමේ කාලය : මාස 01

01. කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්දේශය සහිත විශ්‍රාම අයදුම්පත්‍ර මාස 06කට පෙර ගෙන්වා ගැනීම.
02. එම අයදුම්පත පරීක්ෂා කර බලා ශාඛා ප්‍රධාන, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ හරහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත නිර්දේශය සඳහා ඉදිරිපත් කිරීම.
03. අනුමත ලිපිය ලද පසුව විශ්‍රාම ගැන්වීම දැනුම් දීම හා නොඉල්ලුම් සහිතකය ඉල්ලීමේ ලිපි ගිණුම් අංශය වෙත යොමු කිරීම.
04. චර්යා සටහන සකස්කර විශ්‍රාම අංශය වෙත ලිපිගොණුව යොමු කිරීම.

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01. විශ්‍රාම අයදුම්පත.
  • 02. අදාල වර්ශයේ බී 100 වාර්තා.

පොදු තොරතුරු

  • සාමාන්‍ය සේවාවන් ලබාගත හැකි දින : සෑම සතියකම සඳුදා හා බදාදා දින
  • හදිසි සේවාවන් ලබාගත හැකි දින : සතියේ වැඩකරන ඕනෑම දිනක
  • වේලාව : පෙ.ව. 8.30 සිට ප.ව.4.15 දක්වා
  • අංශ කේතය : කෑ/අධ්‍යා/ගුරු ආ/

අංශය භාර මාණ්ඩලික නිළධාරීන්

  • නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ
    ( ගුරු ආයතන I)
    එච්. ජී. ඩී. ප්‍රියන්ති මිය
  • සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ
    ( ගුරු ආයතන II)
    එච්. එම්. කේ. එස්. හේරත් මිය

අංශය සම්බන්ධ කරගන්න

  • දුරකථන අංකය
    +94 (35) 2222 520
    සබැඳුම : 112
  • විද්‍යුත් තැපැල් ලිපිනය
    kegalleedz@gmail.com


කෑගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය, අධ්‍යාපනයේ ප්‍රතිලාභීන්ට වඩාත් ම සමීප, කාර්යක්ෂම හා ඵලදායී සේවයක් සපයන ප්‍රමුඛ ආයතනක් ලෙස මේ වන විටත් පත්ව ඇත.
තවදුරටත් ආයතන සතු වගකීම් හා වගවීම් ප්‍රශස්ථ මට්ටමින් ඉටු කිරීම පිණිස මෙම වෙබ් අඩවිය පරිශීලනයෙන් සේවාලාභී ඔබටත්, සේවාදායී අපටත් මහඟු පිටුවහලක් ලැබෙනු ඇත.

තව කියවන්න

කොට්ඨාස හා අංශ

  • ගුරු ආයතන අංශය
  • වැටුප් හා ගිණුම් අංශය
  • විශ්‍රාම අංශය
  • සංවර්ධන අංශය
  • පරිපාලන අංශය
  • සැලසුම්, සංඛ්‍යාලේඛන හා ඉදිකිරීම් අංශය
  • සාමාන්‍ය පාලන අංශය
  • කෑගල්ල කොට්ඨාස කාර්යාලය
  • ගලිගමුව කොට්ඨාස කාර්යාලය
  • වරකාපොල කොට්ඨාස කාර්යාලය
  • දැදිගම කොට්ඨාස කාර්යාලය

කෙටි සබැඳි

  • Office Login
  • EEA Login
  • වැඩසටහන් විස්තර
  • පින්තූර එකතුව
  • අප ගැන..
  • පාසල් වල පොදු තොරතුරු
  • පසුගිය විභාග ප්‍රතිඵල තොරතුරු
  • පොදු ගැටළු හා පිළිතුරු
  • චක්‍රලේඛ

සම්බන්ධතා...

  • A21, කලාප අධ්‍යාපන කාර්යාලය, කෑගල්ල.
  • +94 (35) 2222 520

  • kegalleedz@gmail.com

@ Copyright 2020 ZEO - Kegalle. All Rights Reserved
This page was last modified on 24 February 2025

  • නිවස්න පිටුව
  • අපගේ අංශයන්
    • ගුරු ආයතන අංශය
    • වැටුප් හා ගිණුම් අංශය
    • විශ්‍රාම අංශය
    • සංවර්ධන අංශය
    • පරිපාලන අංශය
    • සැලසුම්, සංඛ්‍යාලේඛන හා ඉදිකිරීම් අංශය
    • සාමාන්‍ය පාලන අංශය
    • තොරතුරු තාක්ෂණ අංශය
  • වැඩසටහන්
    • වැඩසටහන් විස්තර
    • පින්තූර එකතුව
  • තොරතුරු
    • අප ගැන..
    • පාසල් වල පොදු තොරතුරු
    • පසුගිය විභාග ප්‍රතිඵල තොරතුරු
    • පොදු ගැටළු හා පිළිතුරු
    • චක්‍රලේඛ
  • කොට්ඨාස කාර්යාල
    • කෑගල්ල කොට්ඨාස කාර්යාලය
    • ගලිගමුව කොට්ඨාස කාර්යාලය
    • වරකාපොල කොට්ඨාස කාර්යාලය
    • දැදිගම කොට්ඨාස කාර්යාලය
  • සම්බන්ධතා