• +94 (35) 2222 520
  • kegalleedz@gmail.com
  • සිංහල

    සිංහල

    • සිංහල
    • English
    • தமிழ்
  • EEA Login
  • Office Login
    නිවස්න පිටුව
  • අපගේ අංශයන්
    • ගුරු ආයතන අංශය
    • වැටුප් හා ගිණුම් අංශය
    • විශ්‍රාම අංශය
    • සංවර්ධන අංශය
    • පරිපාලන අංශය
    • සැලසුම්, සංඛ්‍යාලේඛන හා ඉදිකිරීම් අංශය
    • සාමාන්‍ය පාලන අංශය
  • වැඩසටහන්
    • වැඩසටහන් විස්තර
    • පින්තූර එකතුව
  • තොරතුරු
    • අප ගැන..
    • පාසල් වල පොදු තොරතුරු
    • පසුගිය විභාග ප්‍රතිඵල තොරතුරු
    • පොදු ගැටළු හා පිළිතුරු
    • චක්‍රලේඛ
  • කොට්ඨාස කාර්යාල
    • කෑගල්ල කොට්ඨාස කාර්යාලය
    • ගලිගමුව කොට්ඨාස කාර්යාලය
    • වරකාපොල කොට්ඨාස කාර්යාලය
    • දැදිගම කොට්ඨාස කාර්යාලය
  • සම්බන්ධතා

අධ්‍යාපන සංවර්ධන අංශය

පාසල් වල අධ්‍යාපන සංවර්ධනය හා ප්‍රගතිය සමාලෝචනය පිළිබඳ සියළු කටයුතු මෙම අංශය මඟින් ඉටු කරනු ලබයි.
  • නිවස්න පිටුව
  • අධ්‍යාපන සංවර්ධන අංශය

අධ්‍යාපන සංවර්ධන අංශය වෙත සාදරයෙන් පිළිගනිමු....

සටහන

කෑගල්ල අධ්‍යාපන කලාපයේ සිසුන්ගේ අධ්‍යාපන තත්වය ගුණාත්මක ලෙස පවත්වා ගැනීමේ ප්‍රධාන කාර්යභාරය පැවරෙන්නේ අධ්‍යාපන සංවර්ධන අංශයටයි. මෙම අංශය යටතේ පාසල් විෂය මාළාවට අදාල සියළු ම විෂය සංවර්ධනයට අවශ්‍ය කාර්ය සිදු කරන අතර සිසුන්ගේ සාදන මට්ටම් අධ්‍යනය කරමින් පාසල් පද්ධතිය වෙත අධ්‍යාපන සංවර්ධන සඳහා අවශ්‍ය මැදිහත් වීම්ද සිදු කරනු ලබයි. පසල් වාර පරීක්ෂණ, ප්‍රතිඵල විශ්ලේෂණය, ගුරු සංවර්ධන වැඩසටහන්, විෂය සංවර්ධන වැඩසටහන්, විෂයානුබද්ධ තරඟ, ශිෂ්‍ය සාධනය ඉහල නැංවීමේ වැඩසටහන් ආදී කටයුතු මෙන්ම පාසල්වල අධ්‍යාපන ගුණාත්මක තහවුරුව සඳහා ද වගකීම මෙම අංශය වෙත පැවරේ.

සපයනු ලබන සේවාවන්

ගුරුභවතුන් හා සිසුන් පුහුණු අවශ්‍යතා හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීම.

01. පුහුණු කලයුතු ගුරුභවතුන් හා සිසුන් ඒ ඒ විශයන් අනුව හඳුනා ගැනීම.
02. සුදුසු දිනයන්හි දී ගුරුභවතුන් හා සිසුන් සඳහා කැඳවීම් ලිපි යැවීම.
03. පුහුණු කිරීම් සඳහා සම්පත් දායකයන් හඳුනා ගැනීම හා සැසි සැලසුම් සකස් කිරීම.
04. ඇස්තමේන්තු සකස් කර නිර්දේශ, අනුමැතිය ලබා ගැනීම හා පරිගනක ගත කර අවශ්‍ය කටයුතු සඳහා ගිණුම් අංශය වෙත යෙ‍ාමු කිරීම.
05. අදාල දිනයන්හි වැඩසටහන් පැවැත්වීම.
06. වැඩසටහනට අදාල වවුචර් පත් පියවා නිර්දේශ අනුමැතිය ලබාගෙන, පරිගනක ගත කර ගිණුම් අංශය වෙත යොමු කිරීම.

‍

පාසල් සිසුන් සඳහා දිවා ආහාර හා කිරි පැකට් සැපයීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම.

01. පාසල් වලින් තොරාගත් සැපයුම් කරුවන්ට අදාල ගිවිසුම් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම.
02. චක්‍රලේඛ වලට අනුව සපයනු ලබන ආහාර සඳහා ඉදිරිපත් කල වවුචර්පත් නිර්දේශ හා අනුමැතිය ලබා ගැනීම.
03. අදාල වවුචර්පත් ගෙවීම් කටයුතු සඳහා ගිණුම් අංශය වෙත යොමු කිරීම.
04. දිවා ආහාර සපයනු ලබන පාසල් වල සිසුන්ගේ සියළු තොරතුරු සහ සැපයුම් කරුවන්ගේ තොරතුරු මාර්ගගත දත්ත පද්ධතියට ඇතුළත් කිරීම.
05. දිවා ආහාර වැඩසටහන පිළීබඳව දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම හා යාවතුකාලීන කිරීම.
06. දිවා ආහාර නියාමන තොරතුරු එක් රැස් කිරීම හා අදාල අවස්ථා වලදී ඉදිරිපත් කිරීම.


සිසු සුරක්ෂා වැඩසටහන ක්‍රියාත්මක කිරීම.

01. පාසල් හා අදාල විවිධ ආයතන වලින් ලබාගන්නා සිසු සුරක්ෂා වැඩසටහන පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කිරීම.


සෞක්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

01. සිසුන්ගේ, ගුරුභවතුන්ගේ මෙන්ම දෙමාපියන්ගේද සෞක්‍ය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය උපදේශන සේවා හා දැනුවත් කිරීම් ලබා දීම.


ගුරු උපදේශකවරුන්ගේ මාසික වැඩසටහන් පිළිබඳ කටයුතු.

01. ගුරු උපදේශක නිළධාරීන්ගේ යෝජිත, සංශෝධිත හා ඉටුකල වැඩ වාර්තා නිර්දේශ හා අනුමැතියට ඉදිරිපත් කිරීම.
02. ඊට අදාල ගමන් වියදම් වවුචර්පත් නිර්දේශ හා අනුමැතියට ඉදිරිපත් කොට අනුමැතිය ලද පසුව ගෙවීම් කටයුතු සඳහා ගිණුම් අංශය වෙත යොමු කිරීම.
03. ගුරු උපදේශකවරුන්ගේ මාසික වාර්තා අනුමැතියට ඉදිරිපත් කිරීම.


අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ හා කාර්මික නිළධාරීන්ගේ මාසික වැඩසටහන් පිළිබඳ කටයුතු.

01. අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ හා කාර්මික නිළධාරීන්ගේ යෝජිත, සංශෝධිත හා ඉටුකල වැඩ වාර්තා නිර්දේශ හා අනුමැතියට ඉදිරිපත් කිරීම.
02. ඊට අදාල ගමන් වියදම් වවුචර්පත් නිර්දේශ හා අනුමැතියට ඉදිරිපත් කොට අනුමැතිය ලද පසුව ගෙවීම් කටයුතු සඳහා ගිණුම් අංශය වෙත යොමු කිරීම.
03. පිටපතක් අදාල නිළධාරීන්ට ලබා දීම හා ගොණුවත් පවත්වාගෙන යාම.


තිරසර පාසල් සංවර්ධන වැඩසටහන් පිළිබඳ කටයුතු.

01. තිරසර පාසල් සංවර්ධන වැඩසටහනට අදාල පාසල් දැනුවත් කිරීම හා උපදෙස් ලබා දීම.
02. තිරසර පාසල් සංවර්ධන වැඩසටහනට අදාල පාසල් පිළිබඳ තොරතුරු දත්ත පද්ධතියක පවත්වාගෙන යාම හා යාවත්කාලීන කිරීම.
03. තිරසර පාසල් සංවර්ධන වැඩසටහනට අදාල පාසල්වල ප්‍රගතිය පිළිබඳ තොරතුරු ලබා ගැනීම හා අවශ්‍ය අවස්ථාවලදී ඉදිරිපත් කිරීම.


ඩෙංගු මර්ධන වැඩසටහන් පිළිබඳ කටයුතු

01. ඩෙංගු මර්ධන වැඩසටහන් පාසල් මට්ටමින් ක්‍රියාත්මක කිරීම හා ප්‍රගතිය අධීක්ෂණය.
02. ඩෙංගු මර්ධනය පිළීබඳව පාසල් හා අවට ප්‍රජාව දැනුවත් කිරීම හා උපදෙස් ලබාදීම .
03. පාසල් වල ක්‍රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳ තොරතුරු රැස් කිරීම හා අවශ්‍ය අවස්ථා වලදී ඉදිරිපත් කිරීම.


පාසල් පාධක කරගත් ඇගයීම් (SBA)

01. පාසල් මඟින් ලබාදෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ, උසස් පෙළ හා සාමාන්‍ය තොරතුරු තාක්ෂණය පාසල් පාධක කරගත් ඇගයීම් (SBA) ලකුණු රැස් කිරීම හා ලේඛන ගත කිරීම.
02. පාසල් පාධක කරගත් ඇගයීම් (SBA)ලකුණු විශ්ලේෂණය හා අවශ්‍ය පරිදි තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කිරීම.


සිසු තත්ත්ව කව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

01. සිසු තත්ත්ව කව වැඩසටහන් පිළිබඳ පාසල් දැනුවත් කිරීම හා අවශ්‍ය උපදෙස් ලබාදීම.
02. සිසු තත්ත්ව කව කලාප මට්ටමේ තරඟ පැවැත්වීම හා ප්‍රවර්ධනය .
03. සිසු තත්ත්ව කව පළාත් හා ජාතික මට්ටමින් පවත්වන තරඟ සඳහා අවශ්‍ය තොරතුරු ලබා දීම.


පාසල් පාධක ගුරු සංවර්ධන වැඩසටහන් (SBTD)

01. පාසල් වලින් ලැබෙන ගුරු සංවර්ධන වැඩසටහන් නිර්දේශ හා අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම.
02. අනුමැතිය ලද ගුරු සංවර්ධන වැඩසටහන් පිළිබඳ පාසල දැනුවත් කිරීම හා පිටපතක් ගොණු ගත කර ගැනීම .


5 ශ්‍රේණිය සිසු සඳහා සිසු සවිය පෙරහුරු පරීක්ෂණ පැවැත්වීම

01. පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව මඟින් ලබා දෙන සිසු සවිය ප්‍රශ්න පත්‍ර පාසල් වෙත බෙදා හැරීම.
02. සිසු සවිය ප්‍රශ්න පත්‍ර ලකුණු පාසල් වෙතින් රැස් කිරීම, ගොණු ගත කිරීම හා විශ්ලේෂණය.
03. අවශ්‍ය අවස්ථා වලදී සිසු සවිය ප්‍රශ්න පත්‍ර ලකුණු විශ්ලේෂණ වාර්තා පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව යොමු කිරීම.


පාසල්වල බාහිර, අභ්‍යන්තර හා කේවල අධීක්ෂණ තොරතුරු ගොණුගත කිරීම

01. කලාපයේ පාසල් අධීක්ෂණය සඳහා වාර්ෂික සැලැස්මක් නිර්මාණය කිරීම.
02. පාසල්වල අධීක්ෂණ වාර්තා ගොණුගත කිරීම, විශ්ලේෂණය හා අවශ්‍ය උපදෙස් ලබාදීම.
03. අධීක්ෂණ විශ්ලේෂණ වාර්තා පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව යොමු කිරීම.


අන්තර් ආගමික හා සංස්කෘතික උත්සව සාමූහිකව පැවැත්වීම

01. ආගමික හා සංස්කෘතික උත්සව ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය.
02. සිංහල දෙමළ අළුත් අවුරුදු උත්සව, රාමසාන්, දීපවාලි, නත්තල් වැනි ආගමික උත්සව සංවිධානය හා ක්‍රියාත්මක කිරීම.


ඵල සපිරි පාසල් ඇගයීමේ වැඩ ක්‍රියාත්මක කිරීම

01. පාසල් වාර 3ට අදාලව සියළු පාසල් ඇගයීමට ලක් කිරීම.
02. විශිෂ්ඨතා පෙන්වන පාසල් සඳහා විශේෂ ඇගයීම් සහතික ලබා දීම.
03. අවම ලකුණු ලබාගන්නා පාසල් වල ගුණාත්මක සංවර්ධනය සඳහා අවශ්‍ය මඟපෙන්වීම් ලබා දීම.

පොදු තොරතුරු

  • සාමාන්‍ය සේවාවන් ලබාගත හැකි දින : සෑම සතියකම සදුදා හා බදාදා දින
  • හදිසි සේවාවන් ලබාගත හැකි දින : සතියේ වැඩකරන ඕනෑම දිනක
  • වේලාව : පෙ.ව. 8.30 සිට ප.ව.4.15 දක්වා
  • අංශ කේතය : කෑ/අධ්‍යා/සං/

අංශය භාර මාණ්ඩලික නිළධාරීන්

  • නියෝජ්‍යය අධ්‍යාපන අධ්‍යක්ෂ
    ( අධ්‍යාපන සංවර්ධන I)
    යූ. එම්. සී. එච්. තෙන්නකෝන් මිය
  • නියෝජ්‍යය අධ්‍යාපන අධ්‍යක්ෂ
    ( අධ්‍යාපන සංවර්ධන II)
    ඒ. ඩී. ටී. එස්. ෆොන්සේකා මිය

අංශය සම්බන්ධ කරගන්න

  • දුරකථන අංකය
    +94 (35) 2222 520
  • විද්‍යුත් තැපැල් ලිපිනය
    kegalleedz@gmail.com

කෑගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය, අධ්‍යාපනයේ ප්‍රතිලාභීන්ට වඩාත් ම සමීප, කාර්යක්ෂම හා ඵලදායී සේවයක් සපයන ප්‍රමුඛ ආයතනක් ලෙස මේ වන විටත් පත්ව ඇත.
තවදුරටත් ආයතන සතු වගකීම් හා වගවීම් ප්‍රශස්ථ මට්ටමින් ඉටු කිරීම පිණිස මෙම වෙබ් අඩවිය පරිශීලනයෙන් සේවාලාභී ඔබටත්, සේවාදායී අපටත් මහඟු පිටුවහලක් ලැබෙනු ඇත.

තව කියවන්න

කොට්ඨාස හා අංශ

  • ගුරු ආයතන අංශය
  • වැටුප් හා ගිණුම් අංශය
  • විශ්‍රාම අංශය
  • සංවර්ධන අංශය
  • පරිපාලන අංශය
  • සැලසුම්, සංඛ්‍යාලේඛන හා ඉදිකිරීම් අංශය
  • සාමාන්‍ය පාලන අංශය
  • කෑගල්ල කොට්ඨාස කාර්යාලය
  • ගලිගමුව කොට්ඨාස කාර්යාලය
  • වරකාපොල කොට්ඨාස කාර්යාලය
  • දැදිගම කොට්ඨාස කාර්යාලය

කෙටි සබැඳි

  • Office Login
  • EEA Login
  • වැඩසටහන් විස්තර
  • පින්තූර එකතුව
  • අප ගැන..
  • පාසල් වල පොදු තොරතුරු
  • පසුගිය විභාග ප්‍රතිඵල තොරතුරු
  • පොදු ගැටළු හා පිළිතුරු
  • චක්‍රලේඛ

සම්බන්ධතා...

  • A21, කලාප අධ්‍යාපන කාර්යාලය, කෑගල්ල.
  • +94 (35) 2222 520

  • kegalleedz@gmail.com

@ Copyright 2020 ZEO - Kegalle. All Rights Reserved
This page was last modified on 24 February 2025

  • නිවස්න පිටුව
  • අපගේ අංශයන්
    • ගුරු ආයතන අංශය
    • වැටුප් හා ගිණුම් අංශය
    • විශ්‍රාම අංශය
    • සංවර්ධන අංශය
    • පරිපාලන අංශය
    • සැලසුම්, සංඛ්‍යාලේඛන හා ඉදිකිරීම් අංශය
    • සාමාන්‍ය පාලන අංශය
    • තොරතුරු තාක්ෂණ අංශය
  • වැඩසටහන්
    • වැඩසටහන් විස්තර
    • පින්තූර එකතුව
  • තොරතුරු
    • අප ගැන..
    • පාසල් වල පොදු තොරතුරු
    • පසුගිය විභාග ප්‍රතිඵල තොරතුරු
    • පොදු ගැටළු හා පිළිතුරු
    • චක්‍රලේඛ
  • කොට්ඨාස කාර්යාල
    • කෑගල්ල කොට්ඨාස කාර්යාලය
    • ගලිගමුව කොට්ඨාස කාර්යාලය
    • වරකාපොල කොට්ඨාස කාර්යාලය
    • දැදිගම කොට්ඨාස කාර්යාලය
  • සම්බන්ධතා