• +94 (35) 2222 520
  • kegalleedz@gmail.com
  • සිංහල

    සිංහල

    • සිංහල
    • English
    • தமிழ்
  • EEA Login
  • Office Login
    නිවස්න පිටුව
  • අපගේ අංශයන්
    • ගුරු ආයතන අංශය
    • වැටුප් හා ගිණුම් අංශය
    • විශ්‍රාම අංශය
    • සංවර්ධන අංශය
    • පරිපාලන අංශය
    • සැලසුම්, සංඛ්‍යාලේඛන හා ඉදිකිරීම් අංශය
    • සාමාන්‍ය පාලන අංශය
  • වැඩසටහන්
    • වැඩසටහන් විස්තර
    • පින්තූර එකතුව
  • තොරතුරු
    • අප ගැන..
    • පාසල් වල පොදු තොරතුරු
    • පසුගිය විභාග ප්‍රතිඵල තොරතුරු
    • පොදු ගැටළු හා පිළිතුරු
    • චක්‍රලේඛ
  • කොට්ඨාස කාර්යාල
    • කෑගල්ල කොට්ඨාස කාර්යාලය
    • ගලිගමුව කොට්ඨාස කාර්යාලය
    • වරකාපොල කොට්ඨාස කාර්යාලය
    • දැදිගම කොට්ඨාස කාර්යාලය
  • සම්බන්ධතා

සාමාන්‍ය පාලන අංශය

  • නිවස්න පිටුව
  • සාමාන්‍ය පාලන අංශය

සාමාන්‍ය පාලන අංශය වෙත සාදරයෙන් පිළිගනිමු....

සටහන

කාර්යාලයට අයත් සියළුම නිළධාරින්ගේ හා පාසල් වල සිටිය අනධ්‍යයන නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු මෙම අංශය මඟින් සම්භන්ධීකරණය කරනු ලැබේ.

සපයනු ලබන සේවාවන්

අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ඉල්ලීම (ඇස් කණ්ණාඩි සඳහා)
සේවය සැපයීමේ කාලය : පැය 01

01. අයදුම්පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර ඇත්දැයි පරික්ෂාකර බලා පෞද්ගලික ලිපිගොනුවෙන් සනාථ කරගැනීම.
02. පසුව අදාල ලේඛනයේ සටහන් කර පෙර මාසයේ අග්‍රහාර සඳහා අයකළ අවකරණ සම්පූර්ණ කිරීම.
03. අදාල අයදුම්පත්‍රය ලේඛන සමඟ අනුමැතියට යොමුකිරීම.
අයදුම් පත්‍රය අවශ්‍ය ඇමුණුම් සමඟ සම්පූර්ණ වී ඇත්නම් විනාඩි 5-10 අතර කාලයකි.

අවශ්‍ය සියලුම ලිපි , වාර්තා, බිල්පත් සහිතව නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය විනාඩි 5-8 කාලය තුලදී වැඩ නිමකර භාරදිය හැකිය.

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01. අයදුම්පත්‍රය (වෛද්‍යවරයාගේ නිර්දේශය සහිතව).
  • 02. චැනල් රිසිට්පත.
  • 03. රෝග විනිශ්චය කාඩ්පත.
  • 04. බිල්පත.
  • 05. ජාතික හැඳුනුම්පත.

ඉදිරිපත් කළයුතු ලේඛන (රෝහල් ගතවීම්වල දී)

  • 01. අයදුම්පත්‍රය (වෛද්‍යවරයාගේ නිර්දේශය සහිතව).
  • 02. රෝග විනිශ්චය කාඩ්පත.
  • 03. බිල්පත.
  • 04. වෛද්‍ය පරීක්ෂණ වාර්තා.
  • 05. ජාතික හැඳුනුම්පත.

ඉදිරිපත් කළයුතු ලේඛන (දරුවන් හා කාලත්‍රයා වෙනුවෙන් නම්)

  • 01. අයදුම්පත්‍රය (වෛද්‍යවරයාගේ නිර්දේශය සහිතව).
  • 02. රෝග විනිශ්චය කාඩ්පත.
  • 03. බිල්පත.
  • 04. වෛද්‍ය පරීක්ෂණ වාර්තා.
  • 04. උප්පැන්න සහතිකය (දරුවාගේ) / විවාහා සහතිකය (කාලත්‍රයාගේ).
  • 05. ජාතික හැඳුනුම්පත.


අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ඉල්ලීම (දරු ප්‍රසූතියක දී)
සේවය සැපයීමේ කාලය : පැය 01

01. අයදුම්පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර ඇත්දැයි පරික්ෂාකර බලා පෞද්ගලික ලිපිගොනුවෙන් සනාථ කරගැනීම.
02. පසුව අදාල ලේඛනයේ සටහන් කර පෙර මාසයේ අග්‍රහාර සඳහා අයකළ අවකරණ සම්පූර්ණ කිරීම.
03. අදාල අයදුම්පත්‍රය ලේඛන සමඟ අනුමැතියට යොමුකිරීම.
අයදුම් පත්‍රය අවශ්‍ය ඇමුණුම් සමඟ සම්පූර්ණ වී ඇත්නම් විනාඩි 5-10 අතර කාලයකි.

අවශ්‍ය සියලුම ලිපි , වාර්තා, බිල්පත් සහිතව නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය විනාඩි 5-8 කාලය තුලදී වැඩ නිමකර භාරදිය හැකිය.

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01. අයදුම්පත්‍රය (වෛද්‍යවරයාගේ නිර්දේශය සහිතව).
  • 02. දරුවාගේ උප්පැන්න සහතිකය හෝ උපන් විස්තරය.
  • 03. විවාහ සහතිකය.
  • 04. රෝහල් කාඩ්පත සමඟ ක්ලිනික් කාඩ්පත.
  • 05. පෞද්ගලික රෝහලක නම් බිල්පත.
  • 06. ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්.


අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ඉල්ලීම (මරණයක දී)
සේවය සැපයීමේ කාලය : සති 03

මරණ ප්‍රතිලාභ ලබා ගැනීමේ දී ඉල්ලීම් ලිපිය සමඟ අදාල අයදුම්පත්‍රය ගෙන්වා ගැනීම සඳහා සකස් කරන ලද ලිපිය අග්‍රහාර රක්ෂණ භාර අරමුදල් කාර්යාලය වෙත යොමුකර අයදුම්පත්‍රය ලැබුණු පසුව ඉදිරිපත් කල යුතුය. ඉහත සඳහන් ලිපි ලේඛන සම්පූර්ණ කර ලබා දුන් පසුව එම ලිපි ලේඛන සමඟ සකස් කරන ලද ලිපිය අත්සන් සහිතව සම්පූර්ණ කිරිම සඳහා සති 2-3 පමණ ගතවේ.අදාල අයදුපත්‍රය අග්‍රහාර රක්ෂණ කාර්යාල වෙත ගොස් අතේ ගෙනවිත් භාරදුනහොත් ඉහත සඳහන් කරන ලද කාලයට වඩා අඩු කාලයකින් වැඩ නිම කරගත හැකිවේ.

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01. ඉල්ලීමේ ලිපිය.
  • 02. අයදුම්පත්‍රය (වෛද්‍යවරයාගේ නිර්දේශය සහිතව).
  • 03. මරණ සහතිකය.
  • 04. හදිසි අනතුරක දී නම් පොලිස් වාර්තාව.
  • 05. උප්පැන්න සහතිකය.
  • 06. විවාහ සහතිකය.
  • 07. ජාතික හැඳුනුම්පත් (ඉල්ලුම්කරුගේ හා කාලත්‍රයාගේ).
  • 08. බැංකු පොත්වල පිටපත්.
  • 09. දරුවන්ගේ බැංකුපොත් වල පිටපත්.
  • 10. නම්වල වෙනස්කම් ඇතොත් දිවුරුම් ප්‍රකාශය.
  • 11. සේවා සහතිකය.
  • 12. මරණයට පෙර මාසයේ වැටුප් විස්තරය.
  • 13. අග්‍රහාර රක්ෂණ අයවී ඇති බවට ගණකාධිකාරිගේ සහතිකය.


රාජ්‍ය සේවක දේපල ණය ඉල්ලුම් කිරීම
සේවය සැපයීමේ කාලය : දින 03

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01. ජාතික හැඳුනුම්පත (මුල් පිටපත අනුව සහතික කරන ලද ඡායා පිටපත්-2).
  • 02. අවසාන වැටුප් විස්තරය -(සේවා යෝජක විසින් සහතික කරන ලද අවසාන වැටුප් විස්තරය).
  • 03. අනුමත මිනින්දෝරු සැලැස්ම(මුල් පිටපත).
  • 04. හිමිකම් ඔප්පුව(ඡායා පිටපතක්) -හිමිකම් ඔප්පුවේ මුල් පිටපත ණය ලබා ගැනීමේ දී බැංකුව වෙත ඉදිරිපත් කළ යුතුය..
  • 05. වසර 30 කට අදාළ ලුහුඬු සටහන් (ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයෙන් ලබාගත් පත්ඉරු).
  • 06. හිමිකම් වාර්තාව.
  • 07. පළාත් පාලන ආයතනයෙන් ලබාගත යුතු ලියකියවිලි
    ● දේපල හිමිකම් සහතිකය
    ● පවරා නොගැනීමේ සහතිකය
    ● විථි රේඛා හා ගොඩනැගිලි සහතිකය
    ● තක්සේරු නිවේදනය හා අවසාන කාර්තුවට වරිපනම් බදු ගෙවූ රිසිට්පත.
  • 08. දේපලට පිවිසිමේ මාර්ග සටහන.
  • 09. අනුමත ගොඩනැගිලි සැලසුම.
  • 10. මිලට ගැනීමක් නම් විකුණුම්කරුගේ ලිපිය (30 පරිශිෂ්ටය අනුව) හා විකුණුම්කරුගේ ජාතික හැදුනුම්පත හෝ පිළිගත හැකි නීත්‍යානුකූල හැඳුනුම්පතක් (මුල් පිටපත අනුව සහතික කරන ලද ඡායා පිටපතක්).


ආපදා ණය අයදුම් කිරීම
සේවය සැපයීමේ කාලය : දින 03

01. අයදුම්පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර ඇත්දැයි පරික්ෂා කර පොරොත්තු ලේඛනයේ සටහන් කිරීම.
02. ණය අයදුම්පත් පෞද්ගලික ලිපිගොනුවෙන් සනාථ කරගැනීම.
03. ප්‍රතිපාදන ලැබුණ පසුව ණය අයදුම්පත් වලට අදාල වැටුප් විස්තර වැටුප් ශාඛාවෙන් ලබා ගැනීම.
04. 40% ණය සීමාව සපුරා ඇති ණය අයදුම්පත් නිර්දේශට හා අනුමැතියට ඉදිරිපත් කර ගිණුම් ශාඛාවට යොමු කිරීම.

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01. සම්පූර්ණ කළ ණය අයදුම්පත.
  • 02. ණය අයදුම් කරන මාසයට අදාල වැටුප් විස්තරය.
  • 03. සේවා කාලය අවුරුදු 10 ට අඩු නම් ඇපකරුගේ වැටුප් විස්තරය.
  • 04. රු.25 මුද්දර 1.
  • 05. ණය ඉල්ලුම් කිරිමේ ලිපිය.
  • 06. වයස අවු. 50 ට වැඩිනම් විශ්‍රාම වැටුප් පරිවර්තනය කිරීම සඳහා දෙනු ලබන අවලංගු කල නොහැකි පොරොන්දු පත්‍රය.


පරිවාස කාලය අවසානයේ සේවය ස්ථීර කිරීම
සේවය සැපයීමේ කාලය : පැය 01

01. අදාල ලියවිලි නිවැරදිව ඇත්දැයි පරික්ෂා කර බලා අදාල නිර්දේශය සමඟ දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත යොමු කිරීම.
අවශ්‍ය සියලුම ලිපි , වාර්තා සහිතව නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය විනාඩි 30 ක කාලයක් තුලදී වැඩ නිමකර භාරදිය හැකිය

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01. පත්වීම් ලිපියේ සහතික කල පිටපතක්.
  • 02. වැඩ භාරගැනීමේ ලිපිය.
  • 03. චර්යා සටහනේ සහතික කළ පිටපතක්.
  • 04. උප්පැන්න සහතිකයේ සහතික කල පටපත්.
  • 05. පොදු 278 සහතික කල පිටපතක් (දිවුරුම හා ප්‍රතිඥාව).
  • 06. පොදු 160 (ගිවිස්නාව).
  • 07. උපාධි සහතිකය/ විභාග ප්‍රතිඵල සනාථ ලිපියේ සහතික කල පිටපත.
  • 08. වත්කම් හා බැරකම් ප්‍රකාශයේ සහතික කල පිටපත්.
  • 09. වෛද්‍ය පරීක්ෂණ වාර්තාවේ සහතික කල පිටපත්.
  • 10. පරිවාස කාල අවසාන වාර්තා.
  • 11. බලය දීමේ ආකෘතිය (එම්.ඊ 01).
  • 12. අන්තර් පළාත් ස්ථාන මාරු ලැබ පැමිණි අයෙක් නම් සබරගමුව පළාත් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කල ලිපිය.


පළාත් රාජ්‍ය සේවයේ තනතුරකින් විධිමත් පරිදි නිදහස් කිරිම
සේවය සැපයීමේ කාලය : පැය 01

01. අදාල ලියවිලි නිවැරදිව ඇත්දැයි පරික්ෂා කර බලා අදාල නිර්දේශය සමඟ දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත යොමු කිරීම.
අවශ්‍ය සියලුම ලිපි , වාර්තා සහිතව නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය විනාඩි 30 ක කාලයක් තුලදී වැඩ නිමකර භාරදිය හැකිය

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01. නිලධාරියාගේ ඉල්ලීම් ලිපිය.
  • 02. පෙර සේවයේ පත්වීම් ලිපිය.
  • 03. ඒ අනුව වැඩභාර ගැනීමේ ලිපිය.
  • 04. එම සේවයෙන් නිදහස් කිරීමේ ලිපිය.
  • 05. නව සේවයට පත්වීම් ලිපිය.
  • 06. ඒ අනුව වැඩභාර ගැනීමේ ලිපිය.
  • 07. විනය පරීක්ෂණ නැති බවට සහතිකය.
  • 08. බඩු භාරදීමේ ලිපිය.
  • 09. ලබාගෙන ඇති ණය ශේෂ හා එම ශේෂ ප්‍රත්පුර්ණය කර ගැනීම පිළිබඳ වන නිර්දේශය.
  • 10. සබරගමුව පළාත් සේවයෙන් මුදාහැරීමේ මනාප ප්‍රකාශය.


මධ්‍ය රාජයේ සේවයේ තනතුරකින් විධිමත් පරිදි නිදහස් කිරිම
සේවය සැපයීමේ කාලය : පැය 01

01. අදාල ලියවිලි නිවැරදිව ඇත්දැයි පරික්ෂා කර බලා අදාල නිර්දේශය සමඟ දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත යොමු කිරීම.
අවශ්‍ය සියලුම ලිපි , වාර්තා සහිතව නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය විනාඩි 30 ක කාලයක් තුලදී වැඩ නිමකර භාරදිය හැකිය

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01. නිලධාරියාගේ ඉල්ලීම් ලිපිය.
  • 02. පෙර සේවයේ පත්වීම් ලිපිය.
  • 03. ඒ අනුව වැඩභාර ගැනීමේ ලිපිය.
  • 04. එම සේවයෙන් නිදහස් කිරීමේ ලිපිය.
  • 05. නව සේවයට පත්වීම් ලිපිය.
  • 06. ඒ අනුව වැඩභාර ගැනීමේ ලිපිය.
  • 07. විනය පරීක්ෂණ නැති බවට සහතිකය.
  • 08. යතුරු පැදිය ලබා නොගත් බවට සදහන් ලිපිය.
  • 09. බඩු භාරදීමේ ලිපිය.
  • 10. ලබාගෙන ඇති ණය ශේෂ හා එම ශේෂ ප්‍රත්පුර්ණය කර ගැනීම පිළිබඳ වන නිර්දේශය.
  • 11. කාර්ය පටිපාටික රීති සංග්‍රහයේ අංක 143 වගන්තිය 12. රාජ්‍ය සේවා කොමිෂන් සභා රීති සංග්‍රහයේ 10 පරිශිෂ්ඨයෙහි 144 (i) සිට (Xiii) උප වගන්තිවල සදහන් එක් එක් කරුණ සම්බන්ධ නිර්දේශය.


වැන්දඹු/වැන්දඹු පුරුෂ අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය
සේවය සැපයීමේ කාලය : පැය 01

01. ජාතික හැඳුනුම්පතෙහි සහතික කල පිටපත හා පත්වීම් ලිපියේ පිටපත ස්කෑන් කර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඇතුලත් කිරීම.

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01. නිසි පරිදි සම්පූර්ණ කරන ලද පොදු 86/ පොදු 86 අ ආකෘති පත්‍රය.
  • 02. ජාතික හැඳුනුම්පතෙහි සහතික කල පිටපත.
  • 03. උප්පැන්න සහතිකයෙහි සහතික කල පිටපත.
  • 04. විවාහ වී ඇත්නම් විවාහ සහතික මුල් පිටපත.
  • 05. කලත්‍රයාගේ හැඳුනුම්පත් පිටපත .
  • 06. කලත්‍රයාගේ උප්පැන්න සහතිකය සහතික කල පිටපත.
  • 07. නිලධාරියාගේ කලත්‍රයාගේ නම්වල වෙනස්කම් ඇති විට ඒ සම්බන්ධ දිවුරුම් සහතිකය.
  • 08. පත්වීම් ලිපියේ පිටපතක්.


පෞද්ගලික ලිපි ගොනුව සම්පූර්ණ කිරීම
සේවය සැපයීමේ කාලය : පැය 01

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01. මුල් පත්වීම් ලිපිය.
  • 02. වැඩ භාරගැනීමේ ලිපිය.
  • 03. උප්පැන්න සහතිකයේ මුල් පිටපත.
  • 04. ජාතික හැදුනුම්පතේ ඡායා පිටපතක්.
  • 05. අධ්‍යාපන සහතිකවල පිටපත් .
  • 06. වැ.අ.වි.වැ./වැ.පැ.අ.වි.වැ. අංකය ලබා ගැනීම සදහා අවශ්‍ය ලිපිලේඛන.
  • 07. නමෙහි වෙනස්වීමක් ඇතොත් දිවුරුම් ප්‍රකාශයක්.
  • 08. දිවුරුම් හෝ ප්‍රතිඥාව (පොදු 278).
  • 09. ගිවිස්නාව (පොදු 160).
  • 10. වෛද්‍ය වාර්තාව (පොදු 169/ සෞඛ්‍ය).
  • 11. විවාහක නම් විවාහ සහතිකයේ මුල්පිටපතක්.
  • 12. අග්‍රහාර රක්ෂණ ක්‍රමයට දායක වීමේ අයදුම්පත්‍රය.


වැටුප් වර්ධක ගෙවීම
සේවය සැපයීමේ කාලය : පැය 01

01. කාර්ය සාධන වාර්තා නිවැරදිව සම්පූර්ණ කර ඇත්දැයි පරීක්ෂා කර බලා අදාල මාණ්ඩලික නිලධාරියාගේ නිර්දේශය තිබේදැයි පරීක්ෂා කර බැලීම.
02. පොදු.232 හි නිවාඩු සටහන්කර තිබේද හා මාණ්ඩලික නිලධාරියාගේ නිර්දේශය තිබේදැයි පරීක්ෂා කරබැලීම.
03. අදාල ලේඛණ නිවැරදිව තිබේනම් පොදු 185 ආකෘතිය සම්පූර්ණ කර අනුමැතියට ඉදිරිපත් කිරීම.

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01. තනතුරට අදාල කාර්ය සාධන වාර්තාව.
  • 02. පොදු 232 ආකෘති පත්‍රය.
  • 03. පොදු 185.


නිල ඇඳුම් දීමනාව ගෙවීම
සේවය සැපයීමේ කාලය : පැය 01

01. ඉල්ලීම් ලිපිය සහ පොදු 35 වවුචරය නිවැරදිව සම්පූර්ණ කර ඇත්දැයි පරික්ෂා කර පොතට ඇතුළත් කිරීම .
02. වැය පත නිර්දේශයට සහ අනුමැතියට ඉදිරිපත් කිරීම.
03. නිර්දේශ අනුමත කරන ලද අයදුම්පත්‍රය සහ වැය පත ගිණුම් ශාඛා වලට ලබා දීම .

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01. ඉල්ලීම් ලිපිය .
  • 02. පොදු 35 වවුචරය.


අතිකාල දීමනා ගෙවීම
සේවය සැපයීමේ කාලය : පැය 01

01. අතිකාල ඉල්ලුම් කිරීමේ අයදුම් පත්‍රය වර්ෂය ආරම්භයේ දී ලබා ගැනීම .
02. එම අයදුම්පත්‍රය අයදුම්පත්‍රය පරීක්ෂාකර අනුමැතියට ඉදිරිපත් කිරීම.
03. අනුමත කරන ලද අයදුම්පත්‍රය ගිණුම් ශාඛාවට භාරදීම.
04. එක් එක් මාසයට අදාලව සෑම මසකම අතිකාල වැයපත් පසු මාසයේ පස් වැනිදාට පෙර ලබා ගැනීම.
05. වැය පත නිවැරදිව සම්පූර්ණ කර ඇත්නම් දින මුද්‍රාව තබා අතිකාල වැයපත් අනුමැතියට ඉදිරිපත් කිරීමට පොතෙහි ඇතුළත් කර අනුමැතියට ඉදිරිපත් කිරීම.
06. අනුමත කරන ලද වැය පත් ගිණුම් ශාඛාවට භාරදීම

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01. අතිකාල ඉල්ලුම් කිරීමේ අයදුම්පත්‍රය (එක් අයදුම්පත්‍රය කින් ජනවාරි සිට දෙසැම්බර් දක්වා අයදුම් කළ හැකිය ) .
  • 02. අතිකාල වැයපත .


කාර්යාල නිළධාරින්ගේ නිවාඩු පිළිබඳ කටයුතු
සේවය සැපයීමේ කාලය : පැය 01

01. පොදු 12 අ ආකෘතිපත්‍රය ලබා දෙන නිවාඩු අයදුම්පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර ඇත්දැයි පරික්ෂා කර බාරගැනීම .
02. අදාළ නිලධාරියාගේ නමින් පවත්වාගෙන යනු ලබන නිවාඩු අයදුම්පත්‍ර ලිපි ගොනුවට එම අයදුම්පත ගොනු කිරීම.
03. නිවාඩු සටහන් පොතේ නිලධාරියාට අදාළ නිවාඩු සටහන් කිරීමේ පිටුවෙහි නිවාඩුව සටහන් කිරීම.
04. ප්‍රධාන කළමනාකරණ සහකාර කළමණාකරන සහකාර නිලධාරි වෙත අනුමැතියට යොමු කිරීම .

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01. පොදු 12 අ ආකෘති පත්‍රය.


අග්‍රහාර රක්ෂණයට දායකවීම
සේවය සැපයීමේ කාලය : පැය 01

01. රන් රිදී රක්ෂණ ක්‍රම සඳහා අයදුම්පත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාර දීමට කටයුතු කළ යුතුය.

ඉදිරිපත් කළයුතු ලේඛන

  • 01. අයදුම්පත්‍රය .
  • 02. අදාළ නිලධාරීන්ගේ ඉල්ලීම් ලිපි දෙකක් (ආයතන ප්‍රධානියා විසින් සහතික කළ යුතුය.).


පොදු තොරතුරු

  • සාමාන්‍ය සේවාවන් ලබාගත හැකි දින : සෑම සතියකම සඳුදා හා බදාදා දින
  • හදිසි සේවාවන් ලබාගත හැකි දින : සතියේ වැඩකරන ඕනෑම දිනක
  • වේලාව : පෙ.ව. 8.30 සිට ප.ව.4.15 දක්වා
  • අංශ කේතය : කෑ/අධ්‍යා/සා.පා./

අංශය භාර මාණ්ඩලික නිළධාරීන්


අංශය සම්බන්ධ කරගන්න

  • දුරකථන අංකය
    +94 (35) 2222 520
  • විද්‍යුත් තැපැල් ලිපිනය
    kegalleedz@gmail.com

කෑගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය, අධ්‍යාපනයේ ප්‍රතිලාභීන්ට වඩාත් ම සමීප, කාර්යක්ෂම හා ඵලදායී සේවයක් සපයන ප්‍රමුඛ ආයතනක් ලෙස මේ වන විටත් පත්ව ඇත.
තවදුරටත් ආයතන සතු වගකීම් හා වගවීම් ප්‍රශස්ථ මට්ටමින් ඉටු කිරීම පිණිස මෙම වෙබ් අඩවිය පරිශීලනයෙන් සේවාලාභී ඔබටත්, සේවාදායී අපටත් මහඟු පිටුවහලක් ලැබෙනු ඇත.

තව කියවන්න

කොට්ඨාස හා අංශ

  • ගුරු ආයතන අංශය
  • වැටුප් හා ගිණුම් අංශය
  • විශ්‍රාම අංශය
  • සංවර්ධන අංශය
  • පරිපාලන අංශය
  • සැලසුම්, සංඛ්‍යාලේඛන හා ඉදිකිරීම් අංශය
  • සාමාන්‍ය පාලන අංශය
  • කෑගල්ල කොට්ඨාස කාර්යාලය
  • ගලිගමුව කොට්ඨාස කාර්යාලය
  • වරකාපොල කොට්ඨාස කාර්යාලය
  • දැදිගම කොට්ඨාස කාර්යාලය

කෙටි සබැඳි

  • Office Login
  • EEA Login
  • වැඩසටහන් විස්තර
  • පින්තූර එකතුව
  • අප ගැන..
  • පාසල් වල පොදු තොරතුරු
  • පසුගිය විභාග ප්‍රතිඵල තොරතුරු
  • පොදු ගැටළු හා පිළිතුරු
  • චක්‍රලේඛ

සම්බන්ධතා...

  • A21, කලාප අධ්‍යාපන කාර්යාලය, කෑගල්ල.
  • +94 (35) 2222 520

  • kegalleedz@gmail.com

@ Copyright 2020 ZEO - Kegalle. All Rights Reserved
This page was last modified on 18 February 2025

  • නිවස්න පිටුව
  • අපගේ අංශයන්
    • ගුරු ආයතන අංශය
    • වැටුප් හා ගිණුම් අංශය
    • විශ්‍රාම අංශය
    • සංවර්ධන අංශය
    • පරිපාලන අංශය
    • සැලසුම්, සංඛ්‍යාලේඛන හා ඉදිකිරීම් අංශය
    • සාමාන්‍ය පාලන අංශය
    • තොරතුරු තාක්ෂණ අංශය
  • වැඩසටහන්
    • වැඩසටහන් විස්තර
    • පින්තූර එකතුව
  • තොරතුරු
    • අප ගැන..
    • පාසල් වල පොදු තොරතුරු
    • පසුගිය විභාග ප්‍රතිඵල තොරතුරු
    • පොදු ගැටළු හා පිළිතුරු
    • චක්‍රලේඛ
  • කොට්ඨාස කාර්යාල
    • කෑගල්ල කොට්ඨාස කාර්යාලය
    • ගලිගමුව කොට්ඨාස කාර්යාලය
    • වරකාපොල කොට්ඨාස කාර්යාලය
    • දැදිගම කොට්ඨාස කාර්යාලය
  • සම්බන්ධතා